IMG-LOGO

2025 මැයි මස 30 වන සිකුරාදා


ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අගුළු දැමීමේ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයට පනවා ඇති අගුළු දැමීමේ සීමා තවදුරටත් දැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.

ඒ අනුව නගරයේ අගුළු දැමීමේ සීමා තවත් සති දෙකකින් දීර්ඝ කර තිබේ.නගරයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ සැලකිය යුතු අඩුවීමක් තවමත් දක්නට නොලැබීම ඊට හේතුව බව බලධාරීහු පවසති.

වික්ටෝරියානු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය ඩැනියෙල් ඇන්ඩෲස් මහතා පැවසුවේ ලබන 28 වැනිදා දක්වා අගුලුදැමීමේ සීමා සුළු ලිහිල් කිරීමක් සහිතව ක්‍රියාත්මක බවයි.

ඕස්ට්‍රේලියාව තුළ කොරෝනා වසංගතය පැතිරයාමේ දෙවැනි රැල්ලේ මූලස්ථානය බවට වික්ටෝරියා ප්‍රාන්තය පත්වී ඇත.

ඒ අනුව වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වන මරණ 753 න් 90%  සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙම ප්‍රාන්තයෙනි.මේ වන විට එරටින් වාර්තා වන සමස්ත ආසාදියින් සංඛ්‍යාව 26,000 කට අධිකය.

මීට පෙර මෙල්බන් නගරයට පැනවූ අගුලුදැමීමේ සීමා ලබන 13 වැනිදා අවසන් වීමට නියමිතව තිබුණි.
 
(226)
 
(බීබීසී ඇසුරෙනි)



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නගරයේ අගුළු දැමීමේ සීමා තවදුරටත් දීර්ඝ කෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 108 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 258 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 577 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

Our Group Site