"අද උදේ 10.45 ට මට දුරකථන ඇමතුමක් ලැබුණා. අනෙක් කෙළවරෙන් කතා කළේ ඕස්ටේ‍්‍රලියාවේ අගමැති මැල්කොලම් ටර්න්බුල් මහතායි. ප‍්‍රංශය හා ඕස්ටේ‍්‍රලියාව අතර අත්සන් කර සහතික කිරීමට සාකච්ඡා අදියරේ තිබු මුහුදු යුද නාවික යාත‍්‍රා ගිවිසුම සම්බන්ධව එතුමා මා සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කළා. අවසානයේ ප‍්‍රංශයෙන් නාවික යාත‍්‍රා මිලදී ගැනීමට ඕස්ටේ‍්‍රලියාව අවසන් තීරණය ගෙන ඇති බව එතුමා ප‍්‍රකාශ කළා. එම ආරංචියෙන් මම බොහෝ සතුටට පත්වුණා."
පසුගිය අප්‍රේල් 26 වැනි දා වයඹ දිග ප‍්‍රංශයේ චෙර්බෝග් නගරයේ පිහිටා ඇති සබ්මැරීන් යාත‍්‍රා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවේ පැවැති උත්සවයකදී ප‍්‍රංශ ජනාධිපති ප‍්‍රංශුවා ඔලොන්ද් මහතා විසින් ඉහත දුරකථන ආරංචිය හෙළිකර සිටියේය. ඒ අනුව අවුරුදු 50ක් ඇතුළත යුරෝ මිලියාඩ් 34ක් රුපියල් කෝටි 5754 ක් වටිනා සබ්මැරීන යාත‍්‍රා 12ක් නිෂ්පාදනය කොට ඕස්ටේ‍්‍රලියාවට භාර දීමට අවශ්‍යය දෙරට අතර ගිවිසුම පසුගියදා පැරීසියේදි අත්සන් තැබීය. ජපානයේ මිට්සුබිසි හා ජර්මනියේ සීමන්ස් පරදවා ප්‍රංශයේ ඩී.සී.එන්.එස් සබ්මැරීන් සමාගමට ජය ගැනීමට හැකි වූයේය.
විශාල අයවැය පරතරයක් හා විශාල රැකී රක්ෂා ප‍්‍රශ්නයකට මුහුණදී සිටින ප‍්‍රංශයට මේ ගිවිසුම ප‍්‍රංශයට ඔක්සිජන් ටිකක් සැපැයූ බව ප‍්‍රංශ ජනාධිපති විසින් ඉහත රැස්වීමේදී ප‍්‍රකාශ කළේය.
ඒ අතරම නවීන තාක්ෂණය, සංනීවේදන වේගය, ගෑස් හා ඩීසල් භාවිතයෙන් ක‍්‍රියාකාරී ප‍්‍රංශ සම්මැරීන මිලදී ගැනීමට තීරණය කළ බව ඕස්ටේ‍්‍රලියා අගමැති පුවත්පත් වලට ප‍්‍රකාශ කරමින් අනෙක් රට වලට වඩා ප‍්‍රංශ නාවික යාත‍්‍රා කල් පවතින බවටද ඔහු පැවසුවේය.
මේ අනුව ප‍්‍රංශයේ පිහිටා ඇති සබ්මැරීන නිෂ්පාදන ඩී.සී.එන්.එස් සමාගමේ කර්මාන්තශාලා තුනක් ඉහත යාත‍්‍රා නිෂ්පාදනයට දායක වන අතරම 4000 කට පමණ නව රැකියා අවස්ථා ලැබෙන බවද සඳහන් වෙයි.
කෙසේ නමුදු ප‍්‍රථම සබ්මැරීනය වර්ෂ 2026 දී භාර දීමට නියමිතය. වසර 25 කට පසු ප‍්‍රංශය අත්සන් කළ විශාලතම ගිවිසුමක් ලෙස මේ යුද නැව් ගිවිසුම හැදින්වේ. 2015 වසරේ යුද ආයුධ වෙළදාමෙන් ඇමෙරිකාව, ප‍්‍රංශය, රුසියාව පිළිවෙළින් ප‍්‍රථම, දෙවැනි, තෙවැනි ස්ථාන හිමිකර ගන්නා අතරම බ‍්‍රසීලය, ඉන්දියාව, පකිස්ථානය යන රටවල්ද ඉදිරියේදි ප‍්‍රංශයේ නිෂ්පාදිත සබ්මැරීන් මිලදී ගැනීමේ ගිවිසුම් වල ප‍්‍රථම අදියර අධ්‍යයනය කරමින් අවසන් ගිවිසුම් අත්සන් කිරීමට සූදානමින් සිටින බව ප‍්‍රංශ ආරක්ෂක අමාත්‍යාංශයේ නිවේදන වල දැක්වේ. අදට ලෝකයේ සබ්මැරීන නිෂ්පාදන අංශයෙන් ප‍්‍රංශය පෙරමුණේම සිටින්නේය.
![sous-marin_contrat_australie[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/sous-marin_contrat_australie1.jpg)

![Australie-le-francais-DCNS[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/Australie-le-francais-DCNS1.jpg)
![barracuda_සබ්මැරීන[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/05/barracuda_සබ්මැරීන1.jpg)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිකිරි, එතකොට ඊට කලින් හිටපු අහවල්ලු මොනවද කළේ? කෝටි 60 ක වාහන ගන්නේ කාට යන්නද? (බ)
නියමයිනේ.(හේ)
අහවලා හිටියා නම් ලොකු කොමිස් එකකට අපිටත් දෙක තුනක් ගන්න තිබුනා (නි)
ඔය කියන අහවලා නොහිටියා නම් අද සබ්මැරීනයක් තියා බස් එකකවත් යන්න බැරි බව සමහරුන්ට මතක නැති එකනේ පුදුමේ (නි)
වරායක් හදපු එකේ අපිටත් සබ්මැරීන් ගන්න තිබුනා. අපරාදේ! (නි)
අරය හිටියා නම් අපිටත් සබ්මැරීන් ගන්න තිබුනා, කන්න නැතත් (නි)
මමත් දැන් අවුරුදු 25 ජීවත්වෙන්නේ මෙහේ. ඒත් මම මේ බවක් දැනගෙන හිටියේ නැහැ (නි)
ඒ කියන්නේ ඕස්ට්‍රේලියාව නැත්නම් ප්‍රංශයට යන එන මං නැතිවනවාද? (නි)
ලද දෙයින් සතුටුවන්න. (නි)
හොඳ ප්‍රවෘත්තියක් (නි)
අපේ හිටපු අය වැඩකට නැති දේවල් හදපු වෙලේ, කොළඹ නගරයට අඩුම තරමේ පොළව යටින් යන දුම්රියක් දැම්මා නම් අද කොච්චර වවිනවද? (නි)
කවුරු නැතත් මොකද, දැන් අපිට නොමිලේ වයිෆයි, ගූගල් බැලුම් තියෙන්නේ (නි)
අහවලා හිටියා නම් අපිටත් සබ්මැරින් දෙක තුනක්.. අපරාදේ පැරැද්දුවේ (නි)
පාර්ලිමේන්තුව පෙරළලා හරි අරයව ගෙනෙන්න ඕනෑ. එතකොට අපිටත් සබ්මැරීන් ගන්න පුළුවන් (නි)
ඉන්දු, ඔයා එකක් මතක තියාගන්න. ඔය අහවලාව මහජනයා පත්කළේ, ඔය කොයි වැඩෙත් ඉවර කරන්න තමයි. අපිනේ එයාලට පඩි ගෙව්වේ. (නි)
කොමිස් එක ලොකු නම් මැටියෙන් වුණත් කම් නැත, සබ්මැරින් (නි)
රුපියල් කෝටි 5754 ක් ප්‍රංශයට ලොකු ගානක් වුණාට ලංකාවේ සමහර දේශපාලකයන්ට නම් ඕක හරි සුළු ගානක් (නි)
මේ සබ්මැරින් නිපදවන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් නගරයේ මිසක් ප්‍රංශයේ නොවේ .ඩොලර් බිලියන පනහක් පමණ වන කොන්ත්‍රාත්තුව ප්‍රංශ සමාගම දිනා ගත් නමුත් ඕස්ට්‍රේලියානු අමුද්‍රව්‍ය (මුලිකව ඕස්ට්‍රේලියානු වානේ) භාවිතා කොට ඕස්ට්‍රේලියානුවන් 4000 කට පමණ ඍජු සහ වක්‍ර රැකියා අවස්ථා උදාකර ඇඩිලේඩ් හිදී මේවා නිපදවන බව අගමැති ටර්න්බුල් මාධ්‍ය ට කිව්වා .. නමුත් මේ කොන්ත්‍රාත්තුවේ තියන විශාලකම නිසා ප්‍රංශයේ ත් නිපදවන නොයෙකුත් උපාංග නිසා ඒ හා සමාන රැකියා අවස්තාවන් ප්‍රංශයටත් උදා වෙනවා ඇති .(හේ)