ලැව්ගිනි හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවූ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රාන්තයන්හි සමහර ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ද මතුව ඇතැයි වාර්තා වේ.

නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ත සහ වික්ටෝරියා ප්‍රාන්ත වලට මෙලෙස වැසි ඇද හැලෙන බව සඳහන් වන අතර ලැව්ගිනි වලින් වැඩිම හානිය සිදුවූයේ ද එම ප්‍රාන්ත වලටය.

ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ වල විදුලිය ඇණහිටීම් ද වාර්තා වෙයි.

ගිනි නිවන අංශ සඳහන් කරන්නේ වැසි සහින කාළගුණයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඉතිරි ලැව්ගිනි මැඩපැවැත්වීමට උත්සාහ දරන බවයි.

තවමත් වැසි ඇද නොහැලුනු කැංගරු දූපත ඇතුළු ඕස්ට්‍රේලියාවේ දකුණු සහ ගිනිකොන දිග ප්‍රදේශ වල තවමත් ලැව්ගිනි පැතිරෙමින් පවතින බව වාර්තා වේ.


(බීබීසී ඇසුරිණි - 085)