ලැව්ගිනි හේතුවෙන් මහත් ව්‍යසනයක් සිදුවූ ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළාසන්න ප්‍රාන්තයන්හි සමහර ප්‍රදේශවලට මේ වනවිට මහවැසි ඇද හැලෙමින් පවතින අතර ගංවතුර ඇතිවීමේ අවදානමක් ද මතුව ඇතැයි වාර්තා වේ.
නිව් සවුත් වේල්ස්, ක්වින්ස්ලන්ත සහ වික්ටෝරියා ප්‍රාන්ත වලට මෙලෙස වැසි ඇද හැලෙන බව සඳහන් වන අතර ලැව්ගිනි වලින් වැඩිම හානිය සිදුවූයේ ද එම ප්‍රාන්ත වලටය.
ක්වීන්ස්ලන්තයේ ප්‍රධාන මාර්ග ජලයෙන් යටවීම හේතුවෙන් වසා දමා ඇති අතර සමහර ප්‍රදේශ වල විදුලිය ඇණහිටීම් ද වාර්තා වෙයි.
ගිනි නිවන අංශ සඳහන් කරන්නේ වැසි සහින කාළගුණයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ඉතිරි ලැව්ගිනි මැඩපැවැත්වීමට උත්සාහ දරන බවයි.
තවමත් වැසි ඇද නොහැලුනු කැංගරු දූපත ඇතුළු ඕස්ට්‍රේලියාවේ දකුණු සහ ගිනිකොන දිග ප්‍රදේශ වල තවමත් ලැව්ගිනි පැතිරෙමින් පවතින බව වාර්තා වේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 නොවැම්බර් මස 04
759
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2405
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියාවේ නැගෙනහිර වෙරළේ ගංවතුර ඇතිවීමේ අවදානමක්