
ඕස්ට්‍රේලියාවේ ජාතික ගීයේ වෙනස්කම් කිහිපයක් සිදුකර ඇති අතර නව සංස්කරණය සහිත ගීතය අද (01) සිට ගායනා කරන බව එරට අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් මහතා පවසයි.
මෙම වෙනස්කම් මගින් එක්සත් කමේ හැඟීමක් ඇති කරනු ඇතැයි අපේක්ෂා කරන බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.
බ්‍රිතාන්‍ය විසින් ඕස්ට්‍රේලියාව යටත් කර ගැනීමට පෙර ස්වදේශීක ජනතාව බොහෝ පිරිසක් ඕස්ට්‍රේලියාවේ ජීවත් වූ බවත් රටේ දිගුකාලීන දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමේ උත්සාහයක් ලෙස මෙම වෙනස සිදුකරන බවත් රජය පවසයි.
මේ අනුව එරට ජාතික ගීයේ “ "For we are young and free" කොටස, "For we are one and free" ලෙස වෙනස් කර තිබේ.
"එය ජාතියක් ලෙස අප ගමන් කර ඇති දුර පිළිබිඹු කරයි. අප ජාතියේ කථාව භාෂා කණ්ඩායම් 300කට වැඩි ගණනකින් උපුටා ගත් බවත් එය පෘථිවියේ වඩාත්ම සාර්ථක හා බහු සංස්කෘතික ජාතිය බවත් ජාතික ගීය මගින් පිළිබිඹු විය යුතුය." යනුවෙන් අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පැවසීය.
මෑත වසර වලදී ඕස්ට්‍රේලියාවේ සංස්කෘතික හා දේශපාලන උත්සව වලදී දේශීය ඉතිහාසය පිළිබිඹු කිරීමට වැඩි උත්සාහයක් ගෙන තිබේ.
දෙසැම්බර් මාසයේදී ප්‍රථම වතාවට, ජාතික කණ්ඩායමේ රග්බි ක්‍රීඩකයෝ ඉංග්‍රීසි භාෂාවෙන් ගායනා කිරීමට පෙර, ස්වදේශීය භාෂාවක් වන ඊරා ජාතියේ භාෂාවෙන් ඕස්ට්‍රේලියානු ජාතික ගීය ගායනා කළහ.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න ඔක්සිජන් හුස්ම ගන්න මිනිස්සු.
ඉතින් අපිට මොකද?