මිසයිල ප්‍රහාරයකට ලක්වී කඩාවැටුණු එම්එච් 17 යානයේ ගමන්ගත් සියළු දෙනා සිහිකරමින් ඕස්ට්‍රේලියාව ශෝක දිනයක් ප්‍රකාශයට පත්කැර තිබේ.
ජූලි 17 නැගෙනහිර යුක්රේනයේදී වු මෙම අනතුරින් මියගිය 298 දෙනාගෙන් 38 ක් දෙනෙක්ම ඔස්ට්‍රේලියානු පුරවැසියන් හෝ එහි පදිංචි කරුවෝය.
ඔස්ට්‍රෙලියානු අගමැති ටෝනි ඇබොට් පවසන්නේ අනතුරේ වැරදි කරුවන් කවුරුන්දැයි නිශ්චය කිරීමට කාලය ගතවුව ද අනතුරින් මියගිය අයට ගෞරව කිරිම සහ එම පවුල්වල ජීවත්වන්නන්ට ශෝකය පළකිරීම අවශ්‍ය බවයි.
ඕස්ට්‍රෙලියාව පුරා ජාතික කොඩි අඩකුඹු කර ඇත. ශෝක ප්‍රකාශිත උත්සවය මෙල්බර්න් නුවරදි පැවැත්වීය.
මෙම අනතුරින් තම දෙමාපියන් අහිමිවු පෝල් ගාර්ඩ් විදේශ මාධ්‍යයට පවසා ඇත්තේ සටන් විරාමයකට මෙම අනතුර උත්ප්‍රේරකයක් වේ යැයි තමන් බලාපොරොත්තු වන බවයි.
ඕස්ට්‍රේලියාව මියගිය අයට එසේ ගෞරව දක්වද්දී ඕලන්ද අගමැති මාර්ක් රූටේ මියගිය අයගේ ඉතිරිව ඇති මිනිස් කොටස් සෙවීම නවතා දැමීමට තීරණය කළේය. කැරළිකරුවන්ගෙන් එල්ලවන විරෝධතා එයට හේතුවී තිබිණි.
ඇමරිකාව සහ යුරෝපා සංගමය රුසියානු බෙදුම්වාදි කැරලි කරුවන්ට මෙම ප්‍රහාර සම්බන්ධයෙන් චොදනා එල්ල කරයි.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕස්ට්‍රේලියාව ගුවන් අනතුරට සොව පළ කරයි
ඇසළ Friday, 08 August 2014 02:17 PM
ඕස්ට්‍රේලියාවට වඩා ලංකාව මිනිසුන්ට ඉහළින් සළකන රටක්. (නි)
චමින්ද-මෙල්බර්න් Thursday, 07 August 2014 08:19 PM
හරිම සංවේදීජනක අවස්ථාවක්. (නි)
රොෂාන් Friday, 08 August 2014 02:15 AM
ඔස්ට්‍රේලියාව මිනිසුන්ට ඉතා ඉහලින් සලකන රටක්. එතකොට ලංකාව ? (දී)