ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයේ වේගයෙන් පැතිර යන ලැව් ගින්නක් හේතුවෙන් නිවෙස් වලින් වහාම ඉවත්ව යන ලෙස දහස් ගණනක් පිරිසට අනතුරු අඟවා ඇතැයි වාර්තා වේ.
මේ වන විට එම ප්‍රදේශය හරහා හමා යන දැඩි සුළං තත්ත්වය හේතුවෙන් ගින්න වඩාත් වේගයෙන් පැතිර යන බව පැවසේ.
ක්වීන්ස්ලන්තයේ ස්ථාන 130කට පමණ මෙම ගින්න පැතිරී ඇති අතර උණුසුම් කාලගුණය හා වියලි ගස්වැල් හේතුවෙන් තත්ත්වය වඩාත් නරක අතට හැරෙමින් පවත්න බැවින් මහජනයාට එම ප්‍රදේශ වලින් ඉවත් වීමට සිදුවී ඇත.
පාසැල් 30කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති අතර විශාල දේපල ප්‍රමාණයකට හානි සිදුවී ඇත.
(බීබිසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd