IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් සමාගම දිගම ගුවන් ගමන සම්පූර්ණ කරයි

ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් ගුවන් සමාගම නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා නොනවත්වා පැය 19 ක පරීක්ෂණ ගුවන් ගමනක යෙදී ඇත. 

මෙවැනි දීර්ඝ ගුවන් ගමනක් මගීන්ට, ගුවන් නියමුවන්ට හා කාර්යමණ්ඩලයට බලපාන ආකාරය එහිදී නිරීක්ෂණය කර තිබේ.

බොයිං 787-9 වර්ගයේ ගුවන් යානයක් මේ සඳහා යොදාගෙන ඇති අතර මගීන් 49දෙනකු එහි ගමන් කළ බවත් නිව්යෝර්ක් සිට සිඩ්නි දක්වා කිලෝමීටර් 16200ක් ගමන් කල බවත් සඳහන් වේ.

එළඹෙන මාසයේදී ලන්ඩන් සිට සිඩ්නි දක්වා මෙවැනිම ගුවන් ගමනක් සංවිධානය කිරීමට බලාපොරොත්තු වන බවද ක්වෙන්ටාස් සමාගම පවසයි.

"මෙය ඇත්ත වශයෙන්ම ආකාශ තරණයේ සුවිශේෂී අවස්ථාවක්. පෘථිවිගෝලයේ එක් පැත්තක සිට අනෙක් පැත්තට ගමන් කිරීම සම්බන්ධ පෙරහුරුවක්, මෙය තවත් වේගවත් විය යුතු සේවාවක්" ක්වෙන්ටාස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී පවසයි.

(බීබීසී ඇසුරිණි - 085)

 



අදහස් (0)

ඕස්ට්‍රේලියාවේ ක්වෙන්ටාස් සමාගම දිගම ගුවන් ගමන සම්පූර්ණ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 768 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2410 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1761 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site