පරිසරයට තදින් බලපාන ගැටළුවක් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ කැන්ගරු ගහනය අඩු කිරීමට කැන්ගරුවන් 1900ක් එළැඹෙන සඳුදා (16) මරා දැමීමට නියමිත බව එරට ආරංචි පවසයි.
කැන්ගරුවන් පාලනය කිරීමේ වාර්ෂික නියමය පරිදි මෙම තීරණය ගෙන ඇතැයි කියති.
ඕස්ට්‍රේලියාවේ අගනුවර කැන්බරා හි භූමි ප්‍රදේශවල තෝරාගත් සංචිත 10කින් කැන්ගරුවන් 1991ක් එසේ මරා දැමෙනු ඇතැයි වාර්තාවේ.
මෙය කැන්ගරුවන් සමූල ඝාතනයක් නොවන බවත් තිරසාර සත්ත්ව පැවැත්මක් සඳහා කරන්නක් බවත් එය දිගින් දිගටම කිරීමට බලාපොරොත්තු නොවන බවත් ඕස්ට්‍රේලියා රජය පවසයි. අගෝස්තු 1 වැනිදා වනවිට මෙම කැන්ගරුවන් ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට ඕස්ට්‍රේලියාව බලාපොරොත්තු වෙයි.
කැන්ගරු ගහනය පාලනය සඳහා බෙහෙත් හා වෙනත් උපක්‍රම මේවනවිට පරීක්ෂණ මට්ටමේ පවතින බවත් එරට පාරිසරික බලධාරීහු කියති. පසුගිය වසර දෙක ඇතුළත කැන්ගරුවන් 4000ක් පමණ මරා දැමුණු බව එරට මාධ්‍ය වාර්තා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නලින් හැමදේම කුහක විදියට බලන්න පුරුදු වෙන්න එපා.,,එ්ක ඉතාමත් නරක ගතිගුණයක්,අශික මෙතැන කිසිම වැරැද්දක් කියල නෑනේ. එයා කියන්නේ මේ අහිංසක සත්තු නොමරා ඔවුන්ව සංරක්ෂණය කිරීම ගැනයි,මේ සියල්ල සමහර මිනිසුන්ගේ අධික තණ්හාව නිසා ඇතිවන්නක් බව නේද එයා පවසන්නේ (බ)
නලින් මම මගේ පශ්චාත් උපාධිය අවසන් වූ වහාම මගේ රටට සේවය කරන එනව තමයි, මෙහිදී මා දුටු සහ අත්දුටු දේවලුයි සඳහන් කළේ බුද්ධිය පාවිච්චි කර මා කියූ දේ වටහා ගන්න ,අපේ රටෙත් අලින්ව මරණ හැටි නලින් දැකල නැද්ද? කවුද අාස එහෙම නිකරුනේ සත්තු මරණවට? (බ)
අශිකා, අනේ ඇයි ඉතින් තමන් උපන් මව්බිම දාලා ඔය නිවට සුද්දන්ට වැඩ කරන්න ගියේ ඔයා? වවුලාගේ ගෙදර ගියා නම් ඒ විදියට ඉන්න පුරුදු වෙන්න අශිකා. ගඟෙන් දිය බිලා මුහුදට ආවඩන්න එපා. (නි)
අශිකාගෙ පුංචි මොළේට හිතෙන්නේ නැද්ද කැලේ ඉන්න කැන්ගරුවන්ට වඳ සැත්කම් කරන්නවත්, වෙන රට වලට දෙන්නවත්, ඕනෑතරම් වැඩි වෙන්න දීලා බලන් ඉන්නවත් රටකට බැහැ කියන එක. පොතේ දැනුම විතරක් මදි. ටිකක් ප්‍රායෝගික වෙන්න බලන්න. (නි)
සකුන්තලාගෙ ඔළුවෙ උකුණො පිරිලා ඇති. ගෙදර මියෝ, මැස්සෝ, කූඹි ඇතිකරනවා ඇති. එයා කියන විදියට ඒවත් සත්ව හිංසාවනේ. තමන් කරන හිංසාව විතරක් හරි. ඉන් එහාට කරන ඒවා වැරදියි කියන සකුන්තලාලා වගේ අය ඉන්නකම් ප්‍රශ්න තමයි. (නි)
ආශිකලා මැස්සෝ, මදුරුවො, කැරපොත්තෝ, මියො මරන ගමන්, කුකුල්, හරක්, එළු, බැටළු මස් කන ගමන් අනේ කැන්ගරුවන්ව විතරක් මරන්න එපා කියලා අමුතු කරුණාවක් පහළවෙලා. ඇයි තමන් කරන දේවල් විතරක් හරි. තමන් නොකරන දේ විතරක් වැරදි? (නි)
රොෂාන් ප්‍රනාන්දු කියනදේය මට තේරෙන්නේ නැහැ ,ලංකාවේ තියෙන්නේ ඕස්ට්‍රේලියාවේ තියෙන ප්‍රශ්නය නෙමෙයි. මෙහෙම වෙන්නේ පරිසරය ගැන හරි අවබෝධයක් නැතිව පරිසරයට නොගැලපෙන සංවර්ධන ව්‍යපෘති ආරම්භ කිරීමයි. (ර)
උපත් පාලන ක්‍රමයකට යොමු උනොත් හොදයි නේද. (ර)
කැන්ගරුවන් කොහේවත් ගෙනිහින් දැම්මට උන් කන කෑම වෙන රටවල තිබෙනවද? උන් මරන්නේ ඒ සත්තු රැකගන්න (නි)
රොෂාන් ප්‍රනාන්දුගේ කතාව හරි තවත් හිතලා බලන්න ඕන දෙයක් තමයි ලංකාවේ පාරේ ඉන්න පිනට ඇරපු හරක් ගැන. (ර)
මෙහි දකින කිසිම තේරුමක් නැති ප්‍රතිචාර අතර, අපේ දැනුම වඩා ගන්නට නලින් යහම්පත් මහතා දැමූ ප්‍රතිචාරය ඉතා අගය කරමි. (නි)
කැන්ගරුවන් මරන්නේ නැතුව වෙනත් රටකට (මේ සතුන්ට ජීවත්වීමට සුදුසු පරිසරයක් තිබෙන රටක්) තෑගි දෙන්න. දෙවියන් විසින් දායාද කරපු දේ ඇයි අපි විනාශ කරන්නේ (නි)
ලක්මාලි, අදාළ දේ කතාකරනවා මිසක් අනෙක් මිනිසුන්ට ඊර්ෂ්‍යා කරන්න කුහකකම් කරන්න එපා (නි)
රොෂාන් කියන්නේ ඇත්ත අපේ ගම්වලට දැන් හරක්ගෙන් (අනුරපුර ) හරිම කරදරී මරන්නත් තහනම් නිසා වෙන විකල්පයක් සෙවිය යුතුය. (ර)
මෙතන බොහෝ අය පව් පින් බලන්නේ මරණ සතා අනුව. එතකොට දවසට දහස් ගණනක් මරණ කුකුල්ලු පව් නැද්ද?. හැබැයි ඔන්න පෙරහැරේ අලි ගෙනිච්චත් සත්ව හිංසාව.(කෞ)
ඔබ වගේ සත්ව කරුණාව තිබෙන අය වෙන්න ඇති පාරවල් වල බලු පැටව්, පුස් පැටව්, අතහැර දමන්නේ. මෙය අපේ රටේ මිනිසුන්ගේ සත්ව කරුණාව සත්‍ය එකක්ද යන්න හොඳින් තේරුම් ගත හැකිය. (කෞ)
පසුගිය වසර විස්සක කාලය තුළ කැන්ගරුවන් සහ වොලබි ( කැන්ගරුවාට වඩා කුඩා එවැනිම සතෙක්) දසලක්ෂ අනුවක් නීත්‍යානුකූලව මරා ඇති බව සටහන් වෙනවා. මගේ හැඟීම නම් එවැනිම ප්‍රමාණයක් ගොවීන් සහ විනෝදයට දඩයම් කරන්නන් විසිනුත් නීතියට පිටින් ඝාතනය කරන්නට ඇති බවයි (නි)
ප්‍රබෝද හරි. අපේ කට්ටිය පින්, පව් බලන්නේ සතාගේ ඇඟේ ප්‍රමාණය අනුව. උදාහරණයක්, එළුවෙක්, හරකෙක්, කුකුළෙක් මැරුවොත් පව වැඩියි. නමුත් හාල්මැස්සෝ, කූණිස්සෝ කිලෝ භාගයක් කෑවත් පව අඩුයි. එහෙම තමයි අපේ කට්ටිය හිතාගෙන ඉන්නේ. මොකද්ද මෙතන තියෙන තර්කය.... ? (නි)
මනුසතා ලොව ජීවත්වන බුද්ධිමත්ම සතා ලෙස පෙනීසිටිමින් සිදු කරන්නේ සියලු සත්වයන්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමක්‌ය. තිරිසන් සතුන් හා ඔවුන්ගේ ශරීර අවයව විකුණා දමමින් කාසි පනම් සොයන්නට මිනිස්‌සු කාගනිති. (නි)
සමහර අදහස් වලට හිනාත් යනවා (නි)
මම හිතන විදිහට නම් පරිසරය යන්නට සත්තු ඇතුළත්. එතකොට මේ නිත්‍යානුකූලව මරන්නේ පරිසරයද? (නි)
කොහේ හරි මොකක් හෝ කරනවා දැක්කොත් අපේ අය ඒක තමන්ගේ වාසියට හරවා ගන්න බලනවා. (ර)
මටත් තේරෙන් නෑ ඇයි මේ සත්තු නිකරුනේ මරා දන්නේ කියල, (කෞ)
අසරණ සත්තුන්ව විනාශ කරනවට වඩා වෙන රටකට දුන්නනම් හොදා නේද? මිනිස්සුන්ට සත්තුන්ව විනාශ කරන්න අයිතියක් තියනවද?(කෞ)
අහිංසක සතුන් මැරීම අනුමත කරන්න එපා. වෙන විකල්පයක් සොයාගත්තොත් හොඳයි (නි)
දැන් ලංකාවේ කට්ටිය අදහස් දායි අපරාධකාරයෝ, පව්කාරයෝ අහිංසක සත්තු මරනවා කියලා. ලෝකේ දියුණු රටවල පරිසරයට මිනිසුන්ට සත්තු තර්ජනයක් නම් එය පාලනය කරනවා. ලංකාවේ එහෙම නැහැ. අලි මිනිසුන්ව මරනවා, කිඹුල්ලු මිනිසුන්ව කනවා. කිසිම විසඳුමක් නැහැ. සත්තු නිසා මිනිස්සු මැරුණට කවුරුත් මොකුත් කියන්නේ නැහැ. දියුණු රටවල සත්තුත් ආරක්ෂා කරලා මිනිසුන්වත් ආරක්ෂා කරනවා (නි)
අයියෝ! ඔවුන් නොමරා විවිධ රටවලට දෙන්න. ලංකාවටත් 500ක් එවන්න. මිලියන් 600 මනුස්සයෝ දැන් වැඩි නිසා මනුස්සයෝ මිලියන් 200ක් මරමු කියලා කැන්ගරුවන්ටත් හිතුනොත්? ඕකනේ අපේ බුදුන් වහන්සේ දේශනා කළේ පරිසරයට ආදරය කරන්නා තමන්ටද අාදරය කරයි කියලා (නි)
හොඳ වෙලාවට අශිකාගේ මොළේ කැන්ගරුවන්ට නොතිබුනේ. නැත්නම් ඉතින් ඔය කියන විදිහට ලෝක විනාශයක් තමයි වෙන්නේ. (නි)
අපේ අලි පෙරහරට ගෙනියනවා බලන් ඉන්න බැරි කට්ටිය මේකට මොකද කියන්නේ ? මෙන්න නියම සත්ව හිංසාව , මිහිකත සැමටම අයිතියි සතා සීපාවට ගහට කොළට , එහෙම බැලුවොත් අපේ රටේ නයි පොලොඟු කොච්චර කියලා මරන්නද ?මේ සත්තු මරන්නේ උන්ගේ මස් ටික ආහාරයට ගන්නනේ (හේ)
ජයරත්න ඔයා වැරදියි. කැන්ගරුවෝ මරන්නේ උන්ගේ බෝවීම පාලනය කිරීමටයි. නමුත් සමහර කඩවල මස් විකුණන්න තියෙනවා. එ්ත් බොහෝ දෙනෙක් ඒ මස් කන්නේ නැහැ. එයට හේතුව,එම මස් වල අමුතු කොළ රහක් [දුගඳක්] පැවතීමයි. (නි)
"ලෝකේ දියුණු රටවල පරිසරයට මිනිසුන්ට සත්තු තර්ජනයක් නම් එය පාලනය කරනවා". සතුන් මරා සත්ව ගහණය පාලනය කරන රටවල් දියුණු රටවල් යැයි කියන්නේ කොහොමද? (හේ)
අශිකා, නගින්න උදව් කරපු ඉනිමගට පයින් ගහන්න එපා. (ර)
සකුන්තලා, ඔබ මැරෙන්න ඔච්චර බයද? එතකොට මදුරුවා වගේ කුඩා සතෙකුට අපේ මේ තිබෙන විශාල ලේ ප්‍රමාණයෙන් මඳක් බොන්න සදාචාරාත්මක අයිතියක් නැද්ද? ඕස්ට්‍රේලියාවේ කැන්ගරු ගැන දුක්වෙන ඔබ ඇයි ලංකාවේ මැස්සෝ, මදුරුවෝ ගැන අනුකම්පා නොකරන්නේ? ඔබ වැනි සතුන්ට අසීමිත කරුණාව දක්වන අයෙකු උකුණෝ පවා නොමරා ආදරයෙන් ආරක්ෂා කරනවා ඇතිනේ. නේද? (නි)
අපි පරිසරය විනාශ කිරීම නිසා සතුන්ගේ ජිවන රටාව වෙනස්වී ඇත .(හේ)
අන් අයගේ අයිතිය උදුරා ගනිමින් හිංසා පීඩා සිදුකිරීම බුදු දහම අනුමත නොකරයි. පහත් මිනිසුන්ගේ ක්‍රියාවන් නිසා බහුතරයක් මිනිසුන්ට ගැටලු මතුවී තිබේ. (නි)
ආශිකා, ඔයා ඔස්ට්‍රේලියාවට ගියේ ඔය කාරණා දැනගෙන නොවේද? ඔයාට දැන් වුනත් ඔය නරක සුද්දෝ ඉන්න රට දාල ලංකාවට යන්න පුළුවන්. ප්‍රශ්නේ ලංකාවෙත් මිනිස්සු අැබෝරිජින්ලා වගේ නෑ දියුණුයි. ප්‍රශ්න නැති ගෝත්‍රික සමාජයක් හොයාගන්න. (බ)
සත්ව ගහණය වැඩිවුණා කියලා ඔවුන්ව අමුඅමුවේ මරන්න මිනිසුන්ට තියෙන අයිතිය කුමක්ද? (නි)
රොෂාන්, එහෙනම් අලි ගහනය අඩු නිසාත්, මිනිස් ගහනය වැඩි නිසාත් මිනිස්සු ටිකක් මරාදාලා අලින්ට ඉන්න කැලයක් හදමු. අපි දියුණු ජාතියක් කියලා පෙන්නමු. පෙරහරේ අලි යන එකත් සත්ව හිංසාවක් කියමු. කැන්ගරුවෝ මරණ එක කැන්ගරුවන්ට තියෙන ආදරයට කරන එකක් කියමු (නි)
අශිකා, ලංකාවට කැන්ගරුවෝ 500 ක් ගෙනවිත් කොහේට දාන්නද? කැන්ගරුවෝ 500ක් ගෙනවිත් එළිමහනේ විවෘත වන උද්‍යාන වලට දැම්මොත් පරසර පද්ධතියට මහා විනාශයක් වේදැයි හෝ කිසිත් නොවේදැයි අධ්‍යනයකින් තොරව කියන්න අපහසුයි. පරිසරයට ආදරය කරනවා කියන්නේ ඕස්ට්‍රේලියාවේ මැරෙන්න ඉන්න කැන්ගරුවෝ 500ක් ගෙනවිත් ලංකාවේ කැලේට දානවාට වැඩිය ඉහළ සංකල්පයක්. (නි)
පවු අහිංසක සත්තු. අනේ අපේ රටට දෙන්න කියන්නකෝ. නැත්තම් ඔය බහු වනාන්තර තියෙන අප්‍රිකාව වගේ රටවලට මුදාහරින්නකෝ. (නි)
පරිසරය මගින්, ස්වභාව ධර්මය මඟින් සත්ත්ව ජනගහණය ඉබේටම පාලනය වෙනවා. රොෂාන්, ප්‍රනාන්දුට එ්ක තේරෙන්නේ නැහැ. කොහොමටත් අසරණ සතුන් දඩයම් කරන්න සතුටු දුෂ්ට මිනිසුන්ට මේක හොඳ අවස්ථාවක් ලෙස පේනවා ඇති. (නි)
අශිකා, ඔයාගෙ ගෙදර මීයෝ, කැරපොත්තෝ, මදුරුවෝ ඇති කරනවද? ඕනෑතරම් බොවෙන්න දෙනවද? නිකන් වැදි බණ කියන්න එපා. ළිංමැඩි මානසිකත්වයෙන් මිදිලා කතා කරන්න. (නි)
මුදලිගේ, ඔය කැන්ගරුවන්ව වෙන කොහාටවත් බාරනොගත්තත්, ඉන්දියන් සාගරයේ මුතු ඇටයේ අමුතු විදිහට හිතන කට්ටිය නම් අනිවාර්යයෙන් බාර ගන්නවා. මොකද එයාලා ඕනෑම කුණුගොඩක් බාරගන්නේ ඉතාම කැමැත්තෙන්. ඊටපස්සේ අහක යන නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ කියලා කෑ ගහනවා. (නි)
විජේ, ඔයා කැන්ගරුවන් ප්‍රවාහනය කරන්න සල්ලි වියදම් කරනවද? ගෙනාවට පස්සෙ කෑම සපයනවද? උන්ට ලංකාවේ ඉන්න පුළුවන්ද කියලා දන්නවද? මෝඩ කතා කියන්න එපා. (නි)
අශිකා, ඕස්ට්‍රේලියාව කැන්ගරුවන්ට දෙනවද මිනිසුන්ට ඕනෑ විදියට තියාගන්නවද කියලා තීරණය කරන්නේ ඒ රටේ රජය. කිසියම් සත්ව කොටසක් වඳවිගෙන යනවා නම් ඔවුන් රැකගන්නෙත්, අනවශ්‍ය ලෙස බෝවෙනවා නම් එය නතර කිරීමත් කරන්නෙතක් රජයෙන්. (නි)
ලෝකයේ සියලුම් ජීවින්ගේ පැවැත්මට ලොකුම තර්ජනය බුද්ධිමත් සතෙකු යැයි තමුන් විසින්ම කියා ගන්නා මනුස්සයාය. සමහරක් මේකේ අදහස් දක්වා තිබුනා පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරන්න මේ සත්තු මරන්න ඕනය කියල. සිංහයෝ කොටි වගේ මාංශ භක්ෂක සත්තුත් සතෙක්ව මරාගෙන කන්නේ කුස ගින්නට මිස ජොලියට හෝ වෙනත් විද්‍යාත්මක කාරණ නිසා නෙමේ. එ්ත් මිනිස්සු විනෝදයට සත්තු මැරීම සිදු කරනවා. යම් දිනෙක වෙනත් ග්‍රහලොවක දියුණු ජීවීන් කොටසක් විසින් අපේ ලෝකය යටත් කරගෙන මේ වගේ තීරණයක් ගත්තොත් සත්තු මරණ එක සාධාරණීය කරන සමහරක් ඒකත් සාධාරණීය කරාවිද ? ස්වභාව ධර්මයෙන් ගොඩ නැගුන මිනිස්සු ඇතුළු සියලූම ජීවීනට මේ පොළොවේ ජීවත් වීමේ අයිතිය ඇති බව අමතක කරන්න එපා. (බ)
රොෂාන්ගේ අදහස දැක්කහම පුදුම බයක් දැනෙනවා, මේ වගේ කට්ටියද ශ්‍රී ලාංකිකයින් කියන්නේ කියලා. මොකද, මනුස්සයා විසින් ස්වභාව ධර්මයා උල්ලංඝනය කරනවා. එ්ක මනුස්සයටවත් තේරුමක් නැති තරම් මිනිස්සු මුග්ධ වෙලා. ලංකාවේ හෝර්ටන් තැන්නෙත් කාලයකට ඉස්සර ගෝනුන් ගහණය වැඩිවුණා. නමුත් ඒ කාලේ බුද්ධිමත් නිලධාරීන් සිටි නිසා එක කලාපයකට දිවියන් මුදා හැරියා. (නි)
අශිකා, ඔබේ කියමන ආගමික හෝ අධ්‍යාත්මික පැත්තෙන් සාධාරණ ලෙස පෙනුනාට ස්වභාව ධර්මය පැත්තෙන් ප්‍රායෝගික නැහැ. ලෝකයේ ඉතාමත් අහිංසක එමෙන්ම ඉතාමත් ආකර්ශනීය සතෙකු ලෙස සලකන "කෝලා බෙයාර්" සතුන් දහස් ගණනක් දකුණු ඕස්ට්‍රේලියාවේ කැන්ගරු දුපතේදී ඝාතනය කළා. ඒකට හේතුව වුණේ අධිගහණය. ඔව්න් ආහාරයට ගන්නා යුකැලිප්ටස් ශාඛ පත්‍ර සම්පුර්ණයෙන්ම නැති වෙන තත්වයකදී සියලු දෙනාම මැරෙන්න ඉඩ හරිනවා වෙනුවට, සතුන් පන්දහසක් ඝාතනය කරලා ඉතුරුවුණ සතුන්ට ජීවත්වෙන්න පරිසරය සකස් කරලා දුන්නා (නි)
උඩුගම්පොල, ධම්ම ට මම ලියපු දේ තේරෙන්නේ නැහැ කියනවා. ඕස්ට්‍රේලියාවේ වගේ තමයි ලංකාවේ අලි ප්‍රශ්නය. තියන වනාන්තර ප්‍රමාණයට වඩා අලි ඉන්නවා. වනාන්තර තියෙන්නේ ඉතාම සීමිත ප්‍රමාණයක්. අලියෙකුට දවසකට විශාල ප්‍රදේශයක් ඇවිදීමට ඕනෑ. ලංකාවේ මිනිස්සුම කැලේ කපලා විනාශ කරලා,අලි ගහනය වනාන්තර ප්‍රමාණයට වඩා වැඩියි. මිනිසුනුත් අලින්ව මරනවා එක එක ක්‍රම වලින්, අලිත් මිනිසුන්ව මරනවා ගමට ඇවිත්. (නි)
කැන්ගරුව කියන්නේ ඉතාම වේගයෙන් බෝවෙන සතෙක්. මිනිසුන්ට වැඩ මේ සත්තු බෝ උනාම ඉල්ලන කට්ටිය මොකද කරන්නේ. (ර)
ධම්ම, සතුන්ව කන සත්තු ඉන්නවා නම් කොටි, දිවියෝ, සිංහයන් වැනි දෙගොල්ලොම පාලනය වෙනවා. එහෙම නැති රටවල් වල මිනිසුන්ගේ යහපතටත් සතුන්ගේ යහපතටත් මෙවැනි තීරණ ගන්න වෙනවා. එ්කයි මම ලියලා තියෙන්නේ (නි)
අනේ ඔය සත්ව කරුණාව තියෙන අය මදුරුවො, මීයෝ, කැරපොත්තෝ එහෙමත් නොමරා ස්වභාවිකව බෝවෙන්න දෙන්නකෝ. තමන්ගේ දරුවෙක් එහෙම ඩෙංගු වලින්, පිස්සු බල්ලෙක් කාලා, මී උණ හැදිලා මැරුනොත් තමයි මෙයාලට තේරෙන්නේ. (නි)
හැන්දෑවට කනමදය වගේ බීගෙන එන පිරිමි ඉන්න ගෙවල් ළඟ තියල තියන්න මේ සත හොඳයි.අතපය විසික් කර කර බැන බැන එනකොට මැසිමක් වගේ බොක්සින් පාරවල් ටිකක් දීල කකුල් දෙකෙනුත් දෙකක් තුනක් අනි.කැමති කෙනෙක් ඉල්ලන්න. (අ)
රොෂාන් ප්‍රනාන්දු හරි. අපේ රටෙත් හරක්,බල්ලො, හාවෝ, මීයෝ අසිමාන්තිකව බෝවෙන්න දීලා බලන්න මොකද වෙන්නෙ කියලා. (නි)
සමහරු තමන්ට පිනක් වෙනන් කියලා හරක් බේරාගෙන පාරට අතඅරිනවා. ඒ හරක්ගෙ වැදිලා වාහන කීයක් අනතුරට ලක්වෙලා මිනිස්සු මැරිලා තියෙනවද? සත්ව කරුණාව තියෙන අයට මිනිස්සු ගැන කරුණාවක් නැත්තෙ මොකද කියන එකයි ප්‍රශ්නේ. හරක් බේරාගත්තා නම් ඒ හරකා හොඳට හදන කෙනෙකුට භාරදෙනවා විනා අයාලෙ යන්න හරි පන්සල් වලට හරි දීලා වැඩක් නැහැ (නි)
මේවට දාන සමහර අදහස් දැක්කහම අපේ පන යනවා හිනාගිගින්. (නි)
පරිසරය ඒ විදියෙන්ම තියාගන්න නම් අපි අදටත් ගස් උඩ ජීවත්වෙන්න ඕනෑ. පරිසරය වෙනස් වෙනවා, එය වළක්වන්න බැහැ. නමුත් මහා පරිමාණ දූෂණ වෙන එකයි අවම කරන්න ඕනෑ. (නි)
කැන්ගරුවන්ට මෙම නම ලැබි තියෙන්නේ පළමුව එහි ගිය යුරෝපියන් එම සතුන්ගේ නම කුමක්ද කියා ඇසු විට , එය නොවෙටහුණු එම රටේ සිටි ගෝත්‍රිකයන් පවසා සිටියේ කැන්ගරු කියා , එහි අදහස වුයේ මම දන්නේ නැහැ හෝ මට වැටහෙන්නේ නැහැ කියා ඔවුන්ගේ භාෂාවෙන් , (කැන්ගරු = මම දන්නේ නැහැ ) (හේ)
මොළයක් ඇති දෙමාපියෝ මදුරුවන්, මියන් කැරපොත්තන් විනාශ කර දරුවන් ආරක්ෂා කරගනිති. ඒ දරුවන් සෞඛ්‍යසම්පන්නව හැදෙයි. නොදැනුවත් දෙමව්පියන්ගේ දරුවන් ඩෙංගු, මැලේරියාව, මිඋණ හැදිලා, සර්පයෝ ගහලා අකාලයේ මියයයි. ඒ අය අනේ අපේ කරුමෙ කියා සදා දුකෙන් පෙළෙති. මේ වගේ තමයි මේකත් (නි)
සකුන්තලා,සුරේෂ් ඇතුළු එම අදහස දරන සියල්ලනටම. පරිසර සමතුලිතාවක් අද නැහැ. ඒ නිසා මෙහෙම දේවල් කරන්න වෙනවා. උලාකන සත්ව ජනගහණය වැඩිවුණාම කෑම නැතිවෙනවා කාලයක් යනකොට. මුලින්ම මැරෙන්නේ ශාකභක්ෂකයෝ. ඊළඟට මාංෂ සහ සර්ව භක්ෂකයින් වඳවි යනවා. (නි)
ලෝකයේ මුල් කාලයක තිබුනා වගේ, විශාල සුදුසු ප්‍රදේශයක් සියලුම සතුන් සදහා වෙන්කොට, වැඩි සතුන් ඒවාට දමා ඔවුන්ට ස්වාභාවිකව මැරෙන්න දියයුතුයි. මෙය රටවල් වශයෙන් හෝ ලෝක පරිමාණයෙන් කිරීම පරිසර උගතුන් විසින් තීරණය කළයුතුයි. (නි)
ඔය කැන්ගරුවන් ටික අපේ රටට ගේමුද?(හේ)
අපේ රටේ දේශගුණය මේ සත්තුන්ට ගැළපෙනවද කියලා බලලා කවුරුහරි බලධාරියෙක් මේකට මැදිහත්වෙලා, අනේ මේ අහිංසක සත්තු ටික අපේ රටට ඉල්ලාගන්න බැරිද. (නි)
ස්වභාව ධර්මය අනුවම ඉන්නවා නම් සකුන්තලා ගෙවල් හදන්න එපා, ගස් උඩ ඉන්න. කෑම උයලා කන්න එපා, ඒ විදියටම කන්න. ආයිත් ඔයා ප්‍රාග් ඵෙතිහාසික යුගයට යන්න. (නි)
අනේ සකුන්තලා, ඔයා මිනිස් මොළයෙන් හදපු ගුවන්යානා වල යන ගමන්, අන්තර්ජාලය පාවිච්චි කරන ගමන්, ටෙලිෆෝන් කරන ගමන් මිනිසාටම බනිනවා. නිශාන්තගේ අදහස කියවා තේරුම් ගන්න බලන්න. (නි)
මෙ මරන්නේ විනෝදෙට නෙමෙයි. එක සත්ව ගහණයක් විතරක් වැඩිවුණාම පරිසරය අසමතුලිත වන නිසයි. එහෙම නොකර වෙන කරන්න දෙයක් නැහැ. චීනය එක ළමයෙකුට වඩා හදන්න බැහැ කියලා නීතියකුත් ගෙනාවේ. එහෙම කරන්න වෙනවා. (නි)
දයානි, මමත් ජීවත්වෙන්නේ දකුණු ඕස්ට්‍රේලියාවේ. මෙහෙ සුද්දන් කැන්ගරුවන් මර ආහාරයට ගන්නවා. සුපර් මාර්කට් වල විකුණන්නත් තියෙනවා. මේ රටේ අවුරුදු 50,000 කට වැඩි ඉතිහාසයක් අැබෝජියන්වරුන්ට තියෙනවා. සුද්දෝ මේ රට පාලනය කරන්න ගත්තට පස්සේ තමයි මේ සියලුම දේවල්. (නි)
පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කරන්න නෙමෙයි සකුන්තලා. එයාලා හැමදේම කන්නේ නැහැ. තියෙන ටික බෙදාගන්න බැරුව හැමෝම මැරිලා යනතුරු බලාඉන්නද? මොකද ලංකාව වගේ මොල්ගහත් පැලවෙන පොළොවක් නෙමෙයිනේ එහෙ තියෙන්නේ. අපේ රටේ ඉන්න පණ්ඩිතයෝ නොදන්නා රටවලට උපදෙස් නොදී හිටියා නම් තමා හොඳ. මේවා හොඳට හිතලා බලලා කරන වැඩ. එයාලා කරන්න ඕනෑ හොඳම දේ දන්නවා. (නි)
සත්තු මරලා ආහාරයට ගන්නේ නැති රටක මිනිස්සු වගේනේ මෙයාලා අදහස් දමන්නේ. කතාව නිකන් බ්‍රාහ්මණ වංශිකයෝ වගේ. ඊට ඉහළින් කව්රුත් නැහැ. (නි)
අදටත් අපේ ගෙවල් වල කෑමක් ඇරලා තියන්න බැහැ. මැස්සො කුඹි වහනවා. මියො කනවා. නිවසක වුණත් කුඩා කුඩා සතුන් වුණත් බෝවිම නැවැත්වුයේ නැත්නම් අපිට නිවස හැර යන්න වෙනවා. රටක් වුණත් එහෙමයි. (නි)