
නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානම සලකා බලමින් 4,000කට වැඩි පිරිසක් නිරෝධායනයට යොමු කිරීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (17) පියවර ගත්හ.
ඇතිව තිබෙන අවදානම් තත්ත්වය සලකා බලමින් මහ පරිමාණයෙන් වයිරස ආසාදිතයන් හඳුනාගන්නා පරීක්ෂණ කිරීමට ද ඔස්ට්‍රේලියානු බලධාරීන් පියවර ගෙන ඇත.
නව කොරෝනා වයිරස ආසාදිතයන් 21 දෙනකු හඳුනාගැනීම හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ නීති නැවත පැනවීමට දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තය ඊයේ (16) පියවර ගත් අතර දින නවයකට පසු ඔස්ට්‍රේලියාවෙන්, රට තුළින් වයිරස ආසාදිතයන් හමු වූ පළමු අවස්ථාව එය විය. අවසන් පැය 24 දී කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවලදී වයිරස ආසාදිතයන් පස්දෙනකු හඳුනාගත් බවත් තවත් 14 දෙනකුට වයිරසය ආසාදනය වී ඇතැයි සැක කරන බවත් දකුණු ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ප්‍රධානී ස්ටීවන් මාර්ෂල් පැවැසීය. තවත් පිරිසකගේ පරීක්ෂණ ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින බව ද හෙතෙම කීය.
‘‘අපි ඉන්නේ හොඳ තත්ත්වයක නෙවෙයි. අපි ඉතා දරුණු තත්ත්වයකට මුහුණ දීමේ අවදානමක ඉන්නේ. ඇත්තම කිව්වොත් අපි ඉන්නේ එහි මුල් අදියරේ’’ යැයි ඇඩිලේඩ්හිදී මාධ්‍යවේදීන් අමතමින් ස්ටීවන් මාර්ෂල් කීය.
ඒ.එෆ්.පී./රොයිටර්
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd