(බී බී සී පුවත් ඇසුරිණි)

ඕස්ට්‍රේලියාවේ වාසය කරන ස්වදේශික ඕස්ට්‍රේලියානු ජන කණ්ඩායම් 200ක පමණ නායකයන් හා නියෝජිතයන් මධ්‍යම ඕස්ට්‍රේලියාවේ උලුරු නුවරට රැස්වී ඓතිහාසික සමුළුවක් පවත්වන බව වාර්තා වේ. 

තමන් ඕස්ට්‍රේලියාවේ පළමු ආදිවාසීන් බව රූපාත්මකව හඳුනාගැනීම මෙම තුන්දින සමුළුවේ ප්‍රධාන අරමුණක් බව එය සංවිධානය කරන ස්වදේශික නායකයෝ පවසති. මෙවැනි ස්වදේශික කණ්ඩායම් 200කට වැඩි ප්‍රමාණයක් ඕස්ට්‍රේලියාවේ වාසය කරන නමුත් ඕස්ට්‍රේලියානු රජය ඔවුන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පිළිගැනීමකට ලක්කරන්නේ නැත. 

පිළිගැනීමක් ලබාගැනීම සඳහා අවශ්‍ය හොඳම ක්‍රමය සම්බන්ධව එකඟතාවයකට පැමිණෙන බවත්  ජාතික වශයෙන් ප්‍රථම වරට ඇතිකරගන්නා මෙම  ගිවිසුම පදනම් කරගෙන දේශපාලන නායකයින් වෙත වාර්තාවක් ලබාදීමට නියමිත බවත් ආදිවාසීහු පවසති.

 

(085)