IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඕස්ට්‍රේලියා හිටපු අගමැති සමුගනී

ඕස්ට්‍රේලියාවේ හිටපු අගමැති එඩ්වර්ඩ් ගොච් විට්ලම් මියගිය බව එරට මාධ්‍ය වාර්තා කරයි. ඔහු 98 වැනි වියේ පසුවූයේය. ඕස්ට්‍රේලියාවේ අගමැතිවරු අතරින් වැඩිම ආයුෂ විඳි අගමැතිවරයා ලෙස එඩ්වර්ඩ් සැලකේ. 1972 සිට 1975 දක්වා පාලනය කළ එඩ්වඩ් විට්ලම් අගමැතිවරයා එරට අගමැතිධුරය හෙබවු   21 ක් වැනියාය. මොහු  විදෙස් රටවල් සමග දැඩි සම්බන්ධයකම් තරකරගත් අගමැති වරයෙක් ලෙස ප්‍රකටය.

රාජකීය ඕස්ට්‍රේලියානු ගුවන් හමුදා  නිලධාරියෙක්, දේශපාලඥයෙක්, අගමැතිවරයෙක් මෙන්ම තානාපතිවරයෙක් හැටියට විවිධ ආකාරයේ ඔහු තම රටවෙනුවෙන් සේවය කැර ඇත.

වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙළඳ සහකරුවා වී ඇත්තේ චීනයයි. චීනය ඇතුළු රටවල් ගණනාවක් සමග ගිවිසුම් ඇතිකරගනිමින් ජාත්‍යන්තර සබඳතා වර්ධනය කළ අගමැති එඩ්වරඩ් චීනයට ගිය පළමු ඕස්ට්‍රේලියා අගමැතිවරයා ලෙස ද ඉතිහාසයට එක්ව ඇත. ඔහුගේ ගිවිසුම් ඕස්ට්‍රේලියාවේ ආර්ථිකය වර්ධනය කිරීමට ඉවහල් වූ බව විචාරකයෝ කියති.



අදහස් (0)

ඕස්ට්‍රේලියා හිටපු අගමැති සමුගනී

සමන්ති Thursday, 23 October 2014 12:46 AM

අප්‍රිකාව පාලනය කළෙත් සුදු මිනිස්සු. එතකොට අප්‍රිකාවත් බටහිර රටක්ද? (නි)

:       0       0

සංගදාස Wednesday, 22 October 2014 12:03 PM

ධම්මික මෙතනදී "බටහිර" කියා හදුන්වනු ලබන්නේ, සුදු මිනිසුන් පාලනය කල, කියන අරුතයි. (නදී)

:       0       0

ඉන්දු මෙල්බෙර්න් Thursday, 23 October 2014 02:58 AM

එහෙම තමයි ධම්මික, සමහර වෙලාවට මිනිස්සුන්ට උතුර දකුණ මාරු වෙනවනේ..(අ)

:       0       0

සෑම් Wednesday, 22 October 2014 06:21 AM

ගවනර් ජෙනරල් (සර් ජෝන් කර්) විසින් මොහුව අගමැති කමින් අස්කිරීමයි. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ එවැනි සිද්ධියක් සිදු වූ එකම අවස්ථාව එයයි. (හේ)

:       0       0

චමින්ද Wednesday, 22 October 2014 06:55 AM

70 දශකයේ චීනය, ලෝකයේ අනිකුත් රටවලින් හුදෙකලා වී සිටි අවස්ථාවක චීනයට ගිය පළමු වැනි බටහිර නායකයා හැටියටද මෙතුමා ඉතිහාසගත වෙනවා.චීනය අදටත් මෙතුමාට ගරු කරනවා.(හේ)

:       0       0

ධම්මික Wednesday, 22 October 2014 08:18 AM

මේ නායකයා සිටි කාලයේ ඕස්ට්‍රේලියාව තිබුනේ බටහිරද?(හේ)

:       0       0

නිලංග Wednesday, 22 October 2014 08:25 AM

ආසියා ජාතිකයන්ට ඔස්ට්‍ර්ලියාවට සංක්‍රමණය වීමට ඉඩ කඩ සලසා දුන්නේ මේ අගමැති වරයායි. ඊට පෙර තිබී ඇත්තේ සුදු හම ඇති විදේශිකයන්ට පමණක් සීමා වූ සංක්‍රමණ අවසරයක්.(හේ)

:       0       0

මහේෂ් Thursday, 23 October 2014 07:12 AM

බටහිර කියන්නනේ ධනවාදී ආකල්ප ඇති රටවල්.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site