
ඕස්ට්‍රේලියා මහ මැතිවරණය මැයි 3 වැනිදා පැවැත්වෙන බව, අග්‍රාමාත්‍ය ඇන්තොනි ඇල්බනීස් නිවේදනය කළේය.
ඕස්ට්‍රේලියාවේ බලයේ සිටින්නේ කම්කරු පක්ෂයයි. ඇල්බනීස්, කම්කරු පක්ෂයේ නායකයා ද වෙයි. තවත් තෙවසරක ධුර කාලයක් සඳහා බලයේ රැඳී සිටීමට අග්‍රාමාත්‍ය ඇල්බනීස් ප්‍රමුඛ රජය බලාපොරොත්තු වෙයි.
කෙසේ නමුත්, යළි ජනවරමක් දිනා ගැනීමට නම්, ජීවන වියදම ඉහළ යෑම ඇතුළු ඕස්ට්‍රේලියානුවන් මේ මොහොතේ පීඩාවට පත් කර ඇති ගැටලු රැසකට පිළිතුරු සෙවීමට, ඇල්බනීස් ප්‍රමුඛ රජයට සිදුවනු ඇත.
ඕස්ට්‍රේලියාවේ, විපක්ෂ දේශපාලන කණ්ඩායම ලෙස කටයුතු කරන්නේ ලිබරල් පක්ෂ සන්ධානයයි. ලිබරල් පක්ෂ සන්ධානය පැහැදිලි කර ඇත්තේ ජනතා විශ්වාසය දිනා ගනිමින්, මැතිවරණය ජයග්‍රහණය කිරීමට උත්සාහ ගන්නා බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd