ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පාසලක පන්ති වේලාවේ සමලිංගික දෙමාපියන්ගේ දරුවන් පිළිබඳවූ වාර්තා චිත්‍රපටයක් පෙන්වීම සම්බන්ධයෙන් එම සිසුන්ගේ දෙමාපියන් පැමිණිලි කර ඇතැයි එරට පුවත් සේවා කියයි.

නිව්සවුත්වේල්ස්හි අධ්‍යාපන අමාත්‍ය ඒඩ්රියන් පිකෝලි පවසා ඇත්තේ බර්වුඩ් උසස් බාලිකා පාසලේදී ‘ගේ බයි බේබි‘ චිත්‍රපටය පාසල් වේලාවෙන් පසු දර්ශනය කරන ලෙස තමා නියෝග කළ බවයි.

පාසල් කාලයේදී තමන් ඔවුන්ගෙන් අපේක්ෂා කරන්නේ ගණිතය, ඉංග්‍රීසි ඇතුළු විෂය මාලාවට අයත් ප්‍රශ්න ගැන කථා කරන ලෙස බවත් පිකොලි ටූජීබී ගුවන්විදුලියට පවසා ඇත.

‘මෙම චිත්‍රපටය පාසල් විෂය මාලාවට අයත් එකක් නොවෙයි. ඒකයි මම ඒ තීරණය ගත්තේ.‘ යැයි පිකොලි සඳහන් කරයි.

ජාතියක් වශයෙන් සමලිංගික ආකර්ෂණයට සහ ලිංග වෙනස්වීමට භාජනය වූවන් විවේචනය හේතුවෙන් ඔවුන් සිත්තැවුලට පත්ව ඇති බවත් ඔවුන් සියදිවි හානි කර ගැනීමේ සම්භාවිතාව සම ලිංගික නොවන අයට වඩා 6 ගුණයක් වැඩි බවත් එම චිත්‍රපටයෙන් පෙන්වා දෙයි.

මායා නිවෙල් අධ්‍යක්ෂණය කළ ‘ගේ බයි බේබි‘ චිත්‍රපටය විදුහලේ ආදි ශිෂ්‍යාවකි. සම ලිංගික දෙමාපියන්ගේ දරුවන් සිව් දෙනකුට ඕස්ට්‍රේලියාවේදී හා ඉන් පිටතදී මුහුණ පෑමට සිදුවන අවහිරතා සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමක් එම චිත්‍රපටයට ඇතුළත්ය.

චිත්‍රපටය මගින් මිනිසුන් අනෙකාට ගරු කරන්නේ කෙසේද යන්න ගැන පාසලේදී ඉගැන්වීමට හැකිවීම වඩාත් වැදගත් බව ඇතැම් පිරිස් කියති.

නමුත් ෆෙඩරල් කම්කරු සෙනෙට් සභික පෙනී වොන්ග් ට්විටර් පණිවිඩයකින් කියා සිටියේ මෙයින් සාමාන්‍ය පවුල්වලට හා ඔවුන්ගේ දරුවන්ට ප්‍රහාරයක් එල්ලවන බවයි.

චිත්‍රපටය ප්‍රදර්ශනය කර ඇත්තේ ‘වෙයා ඉට් පර්පල් ඩේ‘ නමැති සන්ධානයේ හවුල්කාර පාසල් වෙනුවෙන් දියත් කළ වැඩසටහනක් නිමිත්තෙන් බවත් එරට පුවත් සේවා වාර්තා කර ඇත. එය සමලිංගික හා ලිංග වෙනස්වීමට ලක්වූ දරුවන් හමුවේ ඇති අභියෝග සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ පිරිස් එක්ව පිහිටුවා ගත් සංවිධානයකි.