
ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර සිදුවී ඇතැයි අනාවරණය වීමත් සමඟ ආන්දෝලනයක් හටගෙන තිබේ. මෙම අනාවරණය සිදු කර ඇත්තේ පාර්ලිමේන්තුවේ හිටපු කාර්ය මණ්ඩල සාමාජිකාවක වන බ්‍රිටනි හිගින්ස් ය.
බ්‍රිටනි හිගින්ස් චෝදනා කර ඇත්තේ ඕස්ට්‍රේලියා අමාත්‍යවරයකු සිය කාර්යාලයේ දී තමන්ට ලිංගික හිරිහැර කළ බවය. බ්‍රිටනි හිගින්ස්ගේ අනාවරණයත් සමඟ පාර්ලිමේන්තුවේ එසේ ලිංගික හිරිහැරවලට ලක්වුණු සේවිකාවන් ඉදිරිපත් වී ඔවුන්ට සිදුවුණු අසාධාරණකම් අනාවරණය කර ඇත.
මේ වනවිට එම චෝදනා සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, එම විමර්ශනයට අදාල වාර්තාවක් එළිදක්වා තිබේ. එම වාර්තාවේ සඳහන් වන ආකාරයට, පාර්ලිමේන්තුවේ සේවය කරන සේවකයින්ගෙන් තුන්දෙනකුගෙන් එක් අයකු ලිංගික අඩත්තේට්ටම්වලට ලක් වී සිටී.
එම වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් තමන් මහත් සේ කම්පනයට පත්වුණු බව අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් පවසා තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
621
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2310
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1719
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ සේවිකාවන්ට ලිංගික හිරිහැර
මැක්ස් Wednesday, 01 December 2021 06:49 PM
හපොයි දෙයියනේ, එහෙත් මෙහෙම දේ වෙනවාද? මේ අපේ රටේ මධ්‍යම පන්තියේ බොහෝ දෙනාගේ සිහින දේශය නේද?
ඉන්දික Thursday, 02 December 2021 12:23 PM
ලංකාවේ දේශපාලනේ අවුල් කියලා සැප හොයන් ඔසී ගියපු විද්වතුන් මොනවද මේ ගැන හිතන්නේ?බලමුකෝ නීතිය ඉහළින් ක්‍රියාත්මක වෙනවාද කියලා..