ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ගෝල්ඩ් කෝස්ට් හි ඩ්‍රීම් වර්ල්ඩ් උද්‍යානයේ සිදුවූ අනතුරකින් සිව්දෙනකු මිය ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

අනතුරින් තවත් සිව් දෙනකු බරපතල තුවාල ලබා ඇතැයි කියති.

පවුලේ විනෝදාස්වාදය සඳහා පැමිණි පිරිසක් එහි වේගයෙන් ගලායන දිය පහරක යාත්‍රා කරමින් සිටියදී අනතුරට පත්ව ඇති බවත් ඔවුන් වෙනුවෙන් කනගාටුව පළ කරන බවත් ඩ්‍රීම්වර්ල්ඩ් කණ්ඩායම නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත.

‘තන්ඩර් රිවර් රැපිඩ්‘ නමැති ක්‍රීඩාවේ යෙදෙමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇතැයි ට්විටර් වාර්තා පවසයි.

අනතුරින් පසු විනෝද උද්‍යානය වසා දමා ඇතැයි ඕස්ට්‍රේලියා මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

web7964030-3x2-700x467 web7964140-3x2-700x467 web7964160-3x2-700x467