ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.එම දෙපාර්තුමේන්තුව අනෙකුත් රටවලට පවා වටිනා විද්‍යාත්මක පර්යේෂණ වාර්තා නිකුත් කරයි. එමෙන්ම ගුවන් යානා සහ නැව් වලටත් ආරක්ෂක අමාත්‍යංශයටත් කාලගුණ දත්ත වාර්තා සපයයි.

මෙම ප්‍රහාරයට චීනය වගකිවයුතු බව බලධාරීන් ප්‍රකාශ කළද චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.සයිබර් ප්‍රහාරය සිදු කිරිමට යොදාගත් බව කියන පරිගණක වයිරසය විදේශ රටක බුද්ධි අංශ සේවයකට අයත් එකක් බව බලධාරීහු කියති.

ප්‍රහාරකයින් දත්ත වාර්තා රැසක් පිරික්සූ බවත් ඒවා පිටපත් කරගැනීමට තැත් කළ බවත් ඔවුහු පවසති.