IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ඕස්ට්‍රේලියා කාලගුණයට සයිබර් ප්‍රහාරයක්

ඕස්ට්‍රේලියා කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවේ පරිගණක පද්ධතියට සයිබර් ප්‍රහාරයක් එල්ල වූ බව එරට මාධ්‍ය වාර්තා කළේය.එම දෙපාර්තුමේන්තුව අනෙකුත් රටවලට පවා වටිනා විද්‍යාත්මක පර්යේෂණ වාර්තා නිකුත් කරයි. එමෙන්ම ගුවන් යානා සහ නැව් වලටත් ආරක්ෂක අමාත්‍යංශයටත් කාලගුණ දත්ත වාර්තා සපයයි.

මෙම ප්‍රහාරයට චීනය වගකිවයුතු බව බලධාරීන් ප්‍රකාශ කළද චීනය එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.සයිබර් ප්‍රහාරය සිදු කිරිමට යොදාගත් බව කියන පරිගණක වයිරසය විදේශ රටක බුද්ධි අංශ සේවයකට අයත් එකක් බව බලධාරීහු කියති.

ප්‍රහාරකයින් දත්ත වාර්තා රැසක් පිරික්සූ බවත් ඒවා පිටපත් කරගැනීමට තැත් කළ බවත් ඔවුහු පවසති.



අදහස් (0)

ඕස්ට්‍රේලියා කාලගුණයට සයිබර් ප්‍රහාරයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 626 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site