චීන කාන්තාවක් සමග රහස් සම්බන්ධතා පැවැත් වූ බව කියමින් චීනයේ නෙදර්ලන්ත තානාපති  රොන් කෙලර්ට විරුද්ධව පරීක්ෂණයක් පැවැත්වෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පරීක්ෂණ අවසන් වනතුරු ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටවු බව නෙදර්ලන්ත විදේශ අමාත්‍යංශය පවසයි.

ඔහු චීන තානාපති කාර්යාලයයේ සේවය කළ කාන්තාවක් සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වා අතැයි බලධාරීහු සැක කරති.අනෙක් රටවල රහස් දැනගැනීමට චීන බලධාරීන් කාන්තාවන් භාවිත කරන නිසා චීන කාන්තාවන් ආශ්‍රය නොකරන ලෙස චීනයේ විදෙස් තානාපතිවරුන්ට උපදෙස් දී ඇත.

රොන් මීට පෙර තුර්කියේ සහ රුසියාවේ සේවය කර තිබේ.