ඇමෙරිකාවේ බේස්බෝල් ක්‍රීඩාවෙහිදී භාවිතා කරන සවිමත් හිස් වැසුම් වලට සමාන ආරක්ෂක හිස් වැසුම් ක්‍රිකට් තරග විනිශ්චය කරුවන්හට අත්හදා බැලීමක් ලෙස ලබාදීමට බ්‍රිතාන්‍යයේ ක්‍රිකට් පාලකමණ්ඩලය අනුමැතිය ලබාදී ඇති බව පසුගියදා " ඩේලි ටෙලිග්‍රාෆ්" පුවත්පත වාර්තා කරයි.
මීට පෙර විවිධ අවස්ථාවල දේශීය හෝ අන්තර් සමාජීය තරඟවල විනිසුරුවන් ආරක්ෂක හිස් වැසුම් පැළඳි අවස්ථා දක්නට තිබුණි. එහෙත් ජාත්‍යන්තර තරඟයකදී විනිසුරුවන් ආරක්ෂක හිස් වැසුම් පැළඳි මුල් අවස්ථාව වුයේ ඉන්දියාව සහ ඔස්ට්‍රේලියාව අතර ජනවාරි 20 වෙනිදා ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර ඕවල් ක්‍රීඩා පිටියේ පැවති එක්දින තරඟයේදීය.
එපරිද්දෙන් ඉතිහාසයට එක්වූ විනිශ්චයකරුවා වුයේ ඕස්ට්‍රේලියා ජාතික ජෝන් වෝඩ්ය. ජාත්‍යන්තර ක්‍රිකට් විනිශ්චයකරුවකු වශයෙන් ජෝන් වෝඩ් කටයුතු කල මුල්ම තරඟය පැවැත්වුනේ 2013 ජනවාරි 28 ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර වීම තවත් විශේෂත්වයකි.
මෙවර තරගයේදී වෝඩ් විසින් මෙම නව ක්‍රියාදාමය අනුගමනය කිරීම ආරම්භ කිරීම පසුපස ඔහු ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේ ඉන්දියාවේදී ලැබූ අමිහිරි අත්දැකීමක්ද තිබෙන බව සඳහන්වෙයි.
ජෝන් වෝඩ් ගිය අවුරුද්දේ දෙසැම්බර් මාසයේදී ඉන්දියාවේ රන්ජි කුසලානය සඳහා තමිල් නාඩු කණ්ඩායම සමඟ පන්ජාබ් කණ්ඩායම දින්දිගුල් නඟරයේදී පැවති තරඟය විනිශ්චය කළේය. එහිදී බරින්ද ස්රාන් විසින් එවූ එක් වේගපන්දුවක් වැදී ඔහුගේ හිසේ පසුපස කොටසට සුළු තුවාල සිදුවී ඇත. බරින්ද ස්රාන් දැනට ඕස්ට්‍රේලියාවේ සංචාරය කරන ඉන්දියා කණ්ඩායමේ ක්‍රීඩකයෙකි.
මේ මතකයත් ඇතිව කැන්බරා ඕවල් පිටියට පැමිණි ජෝන් වෝඩ් වෙත ඉදිරිපත් කළ හිස් ආවරණයක් පැළඳීමේ අවස්ථාව ඔහු දෙවතාවක් නොසිතා භාරගෙන තිබුණි.
වර්තමානයේ සීමිතවාර ක්‍රිකට් ක්‍රීඩාව තුල දක්නට ලැබෙන සවිබලැති ක්‍රිකට්පිති මෙන්ම පිතිකරුවන්ගේ වේගවත් පිති ප්‍රහාර ඉදිරියේ අනාරක්ෂිත ක්‍රීඩකයින් මෙන්ම විනිසුරුවන්ද අනපේක්ෂිත ලෙසට තුවාල වීමේ ප්‍රවනතාවය අධිකවී ඇති බවද බොහෝ දෙනාගේ අදහස වී ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ වෝඩ් ඉන්දියාවේදී ඇතිවූ සිදුවීමෙන් පසුව ඕස්ට්‍රේලියාවේ හිස් වැසුම් නිෂ්පාදනය කරන සමාගම් කිහිපයක් සමඟ ක්‍රිකට් විනිශ්චය කරුවන්හට සුදුසු ආරක්ෂක හිස් වැසුමක් නිර්මාණය කිරීම සම්බබ්ධයෙන් කතා බහ කළ බව පවසා තිබුණි. " බොහෝ අවස්ථාවල ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා වයසින් වැඩි, නිරෝගී බවෙන් හා ජව සම්පන්න බවෙන්ද වෙනස් කම් ඇති විනිශ්චය කරුවන් හට අවශ්‍යවන්නේ සම්පුර්ණ සිරස මෙන්ම හිසේ පසුපස කොටසද ආරක්ෂාවන අන්දමේ බර අඩු වේග පන්දුවකට මෙන්ම පිති ප්‍රහාරයකටද ඔරොත්තුදෙන සැහැල්ලු පහසුවෙන් පැළඳිය හැකි හිස් වැසුමක් බව ඔහුගේ අදහස වී ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම නව හිස් වැස්මට විනිසුරුවරයාගේ දෘෂ්ඨිකෝණයට සමාන කැමරාවකුත් සවිකලොත් වඩාත් සාර්ථක ප්‍රතිඵල අත්වෙයි.(රේ)
සාම්ප්‍රදායික විනිසුරුගේ පෙනුම නැති වෙන එක ගැන කණගාටුයි, තීරණවලට යම් ඍණාත්මක බලපෑමක් ඇති වෙන්නත් පුළුවන්, මේවා දැන් වසර කිහිපයකට පෙර එංගලන්තේ ප්‍රාන්ත තරගවලදී භාවිතා කළා (ම)