අල්කයිඩා ත්‍රස්ත නායක ඔසාමා බිල් ලාඩන්ගේ පුත්‍රයකු වන හම්සා බින් ලාඩන් ලෝක ත්‍රස්තවාදීන්ගේ නාම ලේඛනයට එකතු කර ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

ඇමරිකා එක්සත් ජනපදය විසින් නම් කරනු ලැබ ඇති ලෝක ත්‍රස්තවාදීන්ගේ නම් ලැයිස්තුවට බොකෝහරාම්, හිස්බුල්ලා, අයිඑස් ආදී ලොව ප්‍රබල ත්‍රස්ත සංවිධාන රැසක සාමාජිකයෝ ඇතුළත් කැර ඇත.

2015 වසරේ අල්කයිඩා ක්‍රියාකාරිකයකු ලෙස ඔහු එම ත්‍රස්ත සංවිධානයට ඇතුළු වූ අතර වර්තමානයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට ඍජුවම සම්බන්ධ වී සිටින්නකු ලෙස ඔහු හඳුනාගෙන ඇතැයි ඇමරිකාව පවසයි.