IMG-LOGO

2025 අගෝස්තු මස 02 වන සෙනසුරාදා


ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්

දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන් සඳහා විශේෂ වෛද්‍ය නිවාඩුවක් ලබා දීමට ස්පාඤ්ඤ රජය සැලැසුම් කර ඇති අතර, ඊට අදාල පනත් කෙටුම්පත මේ වනවිට සකස් කර අවසන් යැයි පැවැසෙයි.

ස්පාඤ්ඤ මාධ්‍ය වාර්තා කරන අන්දමට කාන්තාවන්ට දින 3 ක් නිවාඩු හිමිවෙයි. එම නිවාඩුව දින 5 දක්වා දීර්ඝ කර ගැනීමට හැකියාව ලැබේ. ඒ, දැඩි ලෙස ඔසප් වේදනාවෙන් පෙළෙන්නේ නම් වෛද්‍ය නිර්දේශ අනුවය.

මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර, එය සම්මත වුවහොත්, එවැනි පනතක් හඳුන්වා දෙන පළමු යුරෝපා රට බවට ස්පාඤ්ඤය පත් වනු ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

ස්පාඤ්ඤ රජය මෙම නව පනත් කෙටුම්පත සකස් කර ඇත්තේ, ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධයෙන් එරට නව නීතිවලට අනුකූලවය. පනත් කෙටුම්පත ලබන සතියේ කැබිනට් මණ්ඩලයට යොමු කිරීමට ද නියමිත බව පැවැසෙයි.

(බීබීසී)



අදහස් (1)

ඔසප් වේදනාවෙන් පෙළෙන කාන්තාවන්ට විශේෂ නිවාඩුවක්

Rohan Friday, 13 May 2022 02:06 PM

එම රටට ගැලපුණත් අපේ රටට මෙය කොතරම් සුදුසුදැයි කිව නොහැකියි. මක් නිසාද ලොව වැඩිම නිවාඩු හිමි රටක් වූ අපට වැඩ කිරීමට කාලය නොමැති වනු ඇත...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 156 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 304 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 652 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site