කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සිඩ්නි නුවරට දෙසැම්බර් 23 වැනිදා මධ්‍යම රාත්‍රිය වනතුරු නව සීමා පැනවීමට ඔස්ට්‍රේලියානු බලධාරීහු අද (20) පියවර ගත්හ.
ඔස්ට්‍රේලියාවේ උතුරු වෙරළ තීරවලට ද මේ වනවිට සීමා පනවා තිබේ.බ්ලූ මවුන්ටන්ස් සහ සෙන්ට්‍රල් කෝස්ට් යන ප්‍රදේශ ද සිඩ්නි නුවර සීමා පැනවූ ප්‍රදේශවලට අයත් වේ.
නව සීමාවලට අනුව ජීවත්වන පිරිසට අමතරව නිවෙස්වල 10 දෙනකුට වැඩි පිරිසක් නවතා ගැනීම හෝ රැස් කිරීම කළ නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් ඔස්ට්‍රේලියානු ජනතාවට දැනුම් දී ඇත.
සත්කාරක ස්ථාන, වැඳුම් පිඳුම් කරන ස්ථාන යනාදී ස්ථාන සහ ගෘහස්ත ඉසවුවලට වර්ග මීටර හතරක නීතිය ක්‍රියාත්මක වන බවත් එක් ස්ථානයක රැස් කළ හැකි උපරිම ගණන 300ක් බවත් සෞඛ්‍ය බලධාරිහු ප්‍රකාශ කළහ.
නැටුම් හා ගායනය යනාදී ඉසවු තහනම් කර තිබෙන අතර විවාහ මංගල්‍යය උත්සවයකට ගෙන්වා ගත හැකි උපරිම පිරිස 20ක් දක්වා සීමා කර තිබේ. කෙසේ නමුත් ආගමික ස්ථානවල දේව මෙහෙය, යාච්ඤා ආදියට අවසර තිබෙන එසේ වුවත් එක් ස්ථානයකට රැස්විය හැක්කේ පුද්ගලයන් පස්දෙනකට පමණි.
(රොයිටර්)
055
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1743
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරට සීමා