ඔලිම්පික් පදක්කම්ලාභී මළල ක්‍රීඩක දකුණු අප්‍රිකාවේ ඔස්කා පිස්ටෝරියස්ට හය අවුරුදු සිර දඬුවමක් නියම කිරීමට එරට අධිකරණය තීන්දු කළ බව විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
සිය පෙම්වතියවූ රීවා ස්ටීන්කෑම්ප් 2013 වසරේදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව නඩු පවරා තිබිණි. මිනී මැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ ඔහු වැරදිකරු කෙරුණේ පසුගිය දෙසැම්බර් මාසයේදීය.
ඒ අනුව විනිශ්යකරුවන් පස් දෙනකුගෙන් සමන්විත විනිශ්චය මඩුල්ලෙන් ලද නියෝගය ක්‍රියාත්මක කරමින් ඔහුට වසර හයක සිර දඬුවම් නියම විය.
2013 පෙබරවාරි 14 වැනිදා පිස්ටෝරියස් ගේ නිවසට පැමිණි පෙම්වතියට තමා ළඟ තිබූ පිස්තෝලයෙන් වෙඩි තැබූ බව ඔහු පිළිගත් අතර එය අත්වැරදීමකින් සිදුවූවක් බව ඔහු අධිකරණයට කියා තිබිණි. රීවා ඔහු පුදුම කරවීමට එදින හොරෙන් නිවසට ඇතුළුවී තිබූ අතර ඇය එක්වරම හඳුනා නොගැනීම නිසා ඔහු වෙඩි තබා ඇතැයි කියති.
ඇගේ මරණයෙන් පිස්ටෝරියස් කම්පාවට පත්වූ බවද එරට මාධ්‍ය වාර්තා සඳහන් කර තිබූ නමුත් රීවාගේ පවුලේ අය සාධාරණය වෙනුවෙන් නඩු මගට එළැඹි අතර ඒ අනුව පිස්ටෝරියස් වරදකරු කැරිණි.
පාද අහිමි පිස්ටෝරියස් හය වරක් පැරාලිම්පික් රන් පදක්කම් ජයග්‍රහණය කර ඇත.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිලා තියෙන දඩුවම මදි වගේ.(හේ)
ලොව පුරාම ක්‍රීඩකයින්ට අපල කාලයක් ලබලා වගේ (නි)
නාමල්, ඔබේ දියණියකට හෝ සහෝදරියකට හෝ මෙවන් අපරාධයක් වුණොත් ඔබ සතුටු සිතින් සමාව දෙනවාද..?ඔබ කියන විදිහට මිනීමරුවන්ට සමාව දෙන්න ගියොත් තවදුරටත් බන්ධනාගාරයන් අවශ්‍ය නොවනු ඇත. (නි)
වැරැද්දක් සිදුවී ඇත. එය ආපසු වෙනස් කළ නොහැකිය. මෙය මා දකින්නේ, මියගිය කෙනෙකු වෙනුවෙන් අනෙකා නොමරා මැරීමක් ලෙසයි. වැරදි කිරීම මනුස්ස ගතියක්, සමාවදීම දේව ගතියක්. සිදුවූ සියලු දෙයට ඔහු අසරණව, දුක් විඳියි. (නි)