IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඔලිවියා නිව්ටන් ජෝන් සමුගනී

හොලිවුඩ් නිළියක ලෙසත්, ග්‍රැමී සම්මානලාභී ගායිකාවක ලෙසත් ලොව කාගෝත් ආදරය දිනූ ඔලිවියා නිව්ටන් ජෝන් දිවියෙන් සමුගත්තාය.

වසර 30 කට වැඩි කාලයක්, පියයුරු පිළිකාවකින් පීඩා විදි ඇය මියයද්දී 73 හැවිරිදි වියෙහි පසුවූවාය. ඇමෙරිකාවේ කැලි​ෆෝනියාවේ පිහිටි නිවසේ දී ඔලිවියා නිව්ටන් ජෝන් සිය දිවි ගමනට සමුදුන් බව විදෙස් මාධ්‍ය පවසා තිබේ.

ඔලිවියා නිව්ටන් ජෝන් උපතින් බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. ඇය ගායන ලොව ජයගත්තේ ඕස්ට්‍රේලියානු ගායිකාවක ලෙසය. ඔලිවියා නිව්ටන් ජෝන් ප්‍රසංගයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණ තිබේ.

ඔලිවියා නිව්ටන් ලොව කාගේත් අවධානයට ලක් වූයේ ‘ග්‍රීස්’ සංගීතමය චිත්‍රපටයේ නළු ජෝන් ට්‍රැවොල්ටාගේ පෙම්වති ‘සැන්ඩි’ගේ චරිතයට පණ පොවමිනි.

‘ග්‍රීස්’ යනු 1978 වසරේ තිරගත වුණු සදා අමරණීය සංගීතමය හොලිවුඩ් සිනමාපටයකි.

ඔලිවියා දෙවරක් විවාහ වූවායග ඇගේ පළමු සැමියා ඇමෙරිකන් නළු මැට් ලැටෙන්සි ය.

ලැටෙන්සි මියගියේ 1995 දීය. 2008 දී ඔලිවියා යළි විවාහ වූයේ සිනමා නිෂ්පාදක ජොන් එස්ටලිංග් සමඟය. ඔලිවියාට එක් දියණියක සිටී.

(අල් ජසීරා)

 



අදහස් (0)

ඔලිවියා නිව්ටන් ජෝන් සමුගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 504 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2244 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1677 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site