ජපානයේ ටෝකියෝ නගරයේ පිහිටි ඉතා දැකුම්කළු ඔකුරා හෝටල කඩා වෙනත් හෝටලයක් ඉදිකිරීමට සැලසුම් කිරීමෙන් ජපන් ජාතිකයෝ විමතියට පත්ව සිටිති.
1960 ජපන් නූතන වාදයේ අග්‍ර කෘථියක් ලෙසද ද හැදින්වේ 2020 දී ජපානයේ පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙල කේන්ද්‍රගත කරමින් නව ඉදිකිරීම සැළසුම් කැර ඇත.
මෙම හෝටලයේ මුල් ගෘහ නිර්මාණ ශීල්පියා වන ඔකුරාගේ පුත් යෝෂියෝ ටනිගුසි විසින් මෙහි වීදුරු කුළුනු දෙක නැවත සකස් කිරීමට නියමිතය 1962 දී ගොඩනගන ලද ඔකුරා හෝටලයේ ලෝක නායකයන් බොහෝ පිරිසක් ලැගුම් ගෙන ඇති ජනප්‍රිය හෝටලයකි.
ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමාද 2009 දි මෙහි ලැගුම් ගෙන තිබිණි.
කාමර 510 කින් සමන්විත වන මහළ් 41 කින් යුත් කුළුනු සහිත් නව හෝටලය වර්ෂ 2019 දි විවෘත කිරීමට නියමිත බව එහි පාලනාධිකාරිය කියයි. කෙසේ වෙතත් මෙම හෝටලය කඩා බිදදමා නැවත ගොඩනැගීම පිලිබඳව වාද විවාද පවතී. බ්‍රිතාන්‍ය සැලසුම් සඟරාවක් වන මොනකල් හි සඳහන් වන්නේ මෙම හෝටලය කඩා බිද දැමීම හදවත් කම්පා කර වන දැරිය නොහැකි පාඩුවක් ලෙසයි.
2025 නොවැම්බර් මස 04
496
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2238
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1675
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔලිම්පික් උළෙලට හෝටලේ බිම
ඉසුරන්දි Tuesday, 01 September 2015 07:00 AM
අනේ අපිට මොකෝ.සල්ලි වලට කරන්න බැරි දෙයක් නැතිව ඇතිනේ ඒ මිනිසුන්ට.(ම)
දුමින්ද Tuesday, 01 September 2015 02:15 AM
කාලයට අනුව වෙනස! (නි)
ලකී Tuesday, 01 September 2015 04:03 AM
ජපානය ඔලිම්පික් තියලා ග්‍රීසිය වගේ විනාස වෙන්න එපා. (ම)
කවින්ද Tuesday, 01 September 2015 05:41 AM
බලනකොට අපේ ලංකාව හොඳනේ (නි)