මාස කිහිපයකින් වැටුප් නොලැබීම හේතුවෙන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පැමිණෙන විදේශිකයන්ගේ ආරක්ෂාව සම්බන්ධව සහතික විය නොහැකි යැයි බ්‍රසීලයේ රියෝ දි ජැනයිරෝ නගරයේ පොලිස් නිලධාරීන් පවසන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අගෝස්තු පස්වැනි දින ආරම්භ වීමට නියමිත ඔලිම්පික් උළෙලට තව ඇත්තේ මාසයකටත් අඩු කාලයකි. ලෝකය පුරා මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළු ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් දිනෙන් දින ඉහළ යමින් පවතී. ඒ අතර රියෝ ද ජැනෙයිරෝ නගරයේ පොලිස් නිලධාරීන් විරෝධය පළ කරමින් ප්‍රකාශ කැර ඇත්තේ “අපායට සාදරයෙන් පිළි ගන්නවා, පොලිස් සහ ගිනි නිවන සේවකයින්ට වැටුප් ගෙවා නැහැ, රියෝ ද ජැනෙයිරෝ නගරයට පැමිණීම අනාරක්ෂිතයි“යනුවෙනි.
අගෝස්තු මස ආරම්භ වන ඔලිම්පික් උළෙලට දෙස් විදෙස් සංචාරකයින් ලක්ෂ 5ක් පමණ රියෝ දි ජැනෙයිරෝ නුවරට පැමිණීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd