IMG-LOGO

’ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය හෙළිවෙයි

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති වයිරස ප්‍රභේදයේ සැබෑ ස්වරූපය ලොවට අනාවරණය කිරීමට දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ වයිරස විශේෂඥයන් පියවර ගෙන තිබේ. ඒ අනුව, අනුමාන කළ අන්දමට, 'ඔමික්‍රෝන්' විකෘතිය, 'ඩෙල්ටා' විකෘතිය තරම් බිහිසුණු නොවන බව තහවුරු වී ඇත.

කෙසේ නමුත්, 'ඩෙල්ටා' මෙන් නොව, 'ඔමික්‍රෝන්' ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය මාධ්‍ය හමුවේ පෙන්වා දී ඇත්තේ ඒ බව තහවුරු කිරීමට තවත් සති කීපයක් බලා සිටීමට සිදුවනු ඇති බවය. මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය රටවල් 86 කට ව්‍යාප්තවී අවසන්ය. වැඩියෙන්ම ඔමික්‍රෝන් ව්‍යාප්තිය සිදුවන්නේ යුරෝපා රටවලය. ජපාන සෞඛ්‍ය අංශ ඊයේ (22) නිවේදනය කළේ එරට සමාජයේ 'ඔමික්‍රෝන්' ව්‍යාප්තිය ආරම්භ වී ඇති බවය.

දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ වයිරස විශේෂඥයන් 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් ඔවුන්ගේ සවිස්තරාත්මක වාර්තා සියල්ල ලෝක සෞඛ්‍ය සංවිධානයට යොමු කර ඇත. ''දකුණු අප්‍රිකාවේ ඔමික්‍රෝන් මරණ වාර්තා වෙලා නැහැ. දකුණු අප්‍රිකානුවන් අතරේ ඔමික්‍රෝන් වේගයෙන් ව්‍යාප්ත වුණත්, කිසිවකුට බරපතල රෝගී තත්ත්වයක් ඇති කළේ නැහැ.'' යැයි දකුණු අප්‍රිකා බෝවන රෝග පිළිබඳ ජාතික ආයතනයේ මහාචාර්ය ෂෙරිල් කෝහන් පැහැදිලි කර තිබේ.

'ඔමික්‍රෝන්' විකෘතිය පළමුවෙන් හඳුනා ගැනීමට සමත් වූයේ ද දකුණු අප්‍රිකා වයිරස විශේෂඥයන්ය. ඒ, පසුගිය නොවැම්බරයේය. මේ අතර දකුණු අප්‍රිකාවේ 'කොවිඩ් 19' ආසාදිතයන් යළි අඩුවීමට පටන්ගෙන ඇති බව හරට සෞඛ්‍ය අංශ පවසයි. පසුගිය සති කීපයේ දකුණු අප්‍රිකාවේ දෛනික 'කොවිඩ්' ආසාදිතයන් 27,000 සීමාව ඉක්මවා වාර්තා වූ නමුත් දැන් එය 15,000 තෙක් පහත වැටී ඇත. දකුණු අප්‍රිකාවේ ආසාදිතයන් වැඩි වුයේ 'ඔමික්‍රෝන්' විකෘතියේ බලපෑම නිසා යැයි පැවැසෙයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

’ඔමික්‍රෝන්’ විකෘතියේ සැබෑ ස්වරූපය හෙළිවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 272 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 142 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1778 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site