IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’ඔමික්‍රෝන්’ විකෘතිය ඇමෙරිකාවෙන් හමුවෙලා

'කොවිඩ් 19 ඔමික්‍රොන්' විකෘති වයිරසය, ආසාදනය වූ ආසාදිතයකු පළමු වරට ඇමෙරිකාවෙන් හමුවුණු බව එරට වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිවේදනය කර තිබේ.

මෙම ආසාදිතයා හමුවී ඇත්තේ කැලිෆෝනියාවෙනි. මොහු පසුගිය 22 වැනිදා දකුණු අප්‍රිකාවේ සිට පැමිණි අයකු බව වසංගත රෝග පාලනය සහ වැළැක්වීමේ ආයතනය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

මෙම තැනැත්තා කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන ඇත්තේ පසුගිය 29 වැනිදාය. ආසාදිතයාගේ සමීපතමයන් කඩිනමින් නිරෝධායනය කර ඔවුන් 'කොවිඩ් 19' පරීක්ෂණ සඳහා යොමු කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබේ. කෙසේ නමුත්, ඔවුන් කිසිවකුට වයිරසය ආසාදනය වී නොමැති බව එහිදී තහවුරු විය.

තවමත් ලොව වැඩිම 'කොවිඩ් 19' ආසාදිතයන් සහ මරණ වාර්තා වන්නේ ඇමෙරිකාවෙනි. 'ඔමික්‍රොන්' වයිරස හේතුවෙන් යළිත් වසංගත තත්ත්වයක් නිර්මාණය වුවහොත්, එය ඉතා දරුණු තත්ත්වයක් ඇතිවීමට ඉඩක් පවතින බව ඇමෙරිකන් සෞඛ්‍ය අංශ බිය පළ කර තිබේ.

කෙසේ නමුත් 'ඔමික්‍රොන්' වයිරස සම්බන්ධයෙන් තවමත් හරිහැටි තොරතුරු නොදන්නා බැවින් ඒ ගැන කලබලවීමට බෝ බියවීමට හෝ අවශ්‍ය නොවන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

දකුණු අප්‍රිකාවෙන් පළමු වරට හඳුනා ගත් 'ඔමික්‍රොන්' විකෘතිය ඉතාමත් බිහිසුණු, වේගයෙන් ව්‍යාප්තවන, එන්නත්වලට පවා ප්‍රතිරෝධය දක්වනවා යැයි පැවැසෙන්නේ, 'ඔමික්‍රොන්' විකෘතිය නිර්මාණය වී ඇති වයිරස විකෘති අනුවය. 'ඔමික්‍රොන්' විකෘතියේ සැබෑ ස්වරූපය අවබෝධ කර ගැනීමට තව දින කීපයක් ගතවනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයට දිගින් දිගටම පවසා ඇත්තේ 'ඔමික්‍රොන්' සම්බන්ධයෙන් දැන්ම අනවශ්‍ය ලෙස බියක් ඇති කර ගැනීම නොකළ යුතු බවය.
'ඔමික්‍රොන්' විකෘතිය මේ වනවිට රටවල් හා පාලන කලාප 28ක ව්‍යාප්ත වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. හඳුනාගෙන ඇති සමස්ත ඔමික්‍රොන් ආසාදිතයන් ගණන 366 ක් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්විණි.

ඊයේ (1) වනවිට සෞදිය, එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය සහ ඝානා රාජ්‍යය ද ඔමික්‍රොන් ආසාදිතයන් හමුවුණු බව නිවේදනය කළේය. ඒ අනුව, මැදපෙරදිග කලාපයේ පළමුවෙන් 'ඔමික්‍රෝන්' ආසාදිතයන් හමුවුණු රටවල් වන්නේ සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි. ඊට අමතරව මේ වනවිට ජපානයෙන් සහ දකුණු කොරියාවෙන් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන්ගෙන තිබේ.

මේ අතර, 'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘති ප්‍රභේදය ඉන්දියාවේ ව්‍යාප්ත වෙනවා ද සෙවීමට ප්‍රාන්ත මට්ටමින් ජාන විශ්ලේෂණ පරීක්ෂණ ආරම්භ කරන්නැයි ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය ප්‍රාන්ත සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊයේ (1) වනවිටත් ඉන්දියාවෙන් කිසිදු 'ඔමික්‍රෝන්' ආසාදිතයකු වාර්තා වී තිබුණේ නැත. එසේ වුවත්, ඉන්දීය සෞඛ්‍ය අමත්‍යාංශය පෙන්වා දී ඇත්තේ එරට ඔමික්‍රොන් ආසාදිතයන් සිටිය හැකි බවය.

(රොයිටර්)



අදහස් (0)

’ඔමික්‍රෝන්’ විකෘතිය ඇමෙරිකාවෙන් හමුවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 621 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2310 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site