IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


’ඔමික්‍රෝන්’ මරණ තවමත් වාර්තා වෙලා නෑ

සෞම්‍යා ස්වාමිනාදන්

'කොවිඩ් 19 ඔමික්‍රෝන්' විකෘතිය ඉතාමත් වේගයෙන් ව්‍යාප්ත වන නමුත්, අද (5) වනවිටත් ලොව කිසිම තැනකින් 'ඔමික්‍රෝන්' මරණයක් වාර්තා වී නොතිබුණු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

වයිරසය ආසාදනය වූ කිසිවකු අසාධ්‍ය තත්ත්වයකට පත්වූ බවක් හෝ වාර්තා වී නැතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි.

මේ අතර, ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් බොරුවට කලබල නොවන්නැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යාඥ සෞම්‍යා ස්වාමිනාදන් රොයිටර් පුවත් සේවය සමඟ පවසා තිබේ.

'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් විද්‍යාත්මක අනාවරණ තවමත් සිදුවෙමින් පවතින බවත් 'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් සියලු තතු දැන ගැනීමට තවත් දින කීපයක් ගතවනු ඇති බවත් සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කර ඇත.

ජගත් විද්‍යාඥයන් 'ඔමික්‍රෝන්' විකෘතිය බිහිසුණු යැයි බිය පළ කර ඇත්තේ ජාන විශ්ලේෂණයේ දී එහි ස්වරූපය හඳුනා ගත් බැවිනි.

'ඔමික්‍රෝන්' විකෘතිය නිර්මාණය වී ඇත්තේ 'කොවිඩ් 19' වයිරස විකෘති 50 කට වැඩි ප්‍රමාණයක් එක් වීමෙනි. මෙතෙක් හමුවුණු සෙසු 'කොවිඩ් 19' වයිරස විකෘතිවල ගති ලක්ෂණ පවා 'ඔමික්‍රෝන්' සතුව ඇත.

විද්‍යාත්මකව 'ඔමික්‍රෝන්' වයිරසය බිහිසුණු ද නැද්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීම මේ වනවිට සිදුවෙමින් පවතී. 'ඔමික්‍රෝන්' සම්බන්ධයෙන් සියලු විද්‍යාත්මක තොරතුරු හැකි ඉක්මනින් ලොවට ලබා දෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසා ඇත.

මේ වනවිට 'ඔමික්‍රෝන්' විකෘතිය සම්බන්ධයෙන් තහවුරු වී ඇති කරුණක් නම්, එය 'කොවිඩ් 19' යළි යළි ආසාදනය කිරීමට ඊට හැකියාවක් ඇති බවත්, 'ඔමික්‍රෝන්' විකෘතියේ ව්‍යාප්තිය ඉතා ඉහළ බවත්ය. 'ඔමික්‍රෝන්' විකෘතිය ප්‍රතිශක්තිකරණ එන්නත්වලට ප්‍රතිරෝධයක් දක්වන බව පැවැසුවත්, සෞම්‍යා ස්වාමිනාදන් ඇතුළු ජගත් විද්‍යාඥයන් පෙන්වා දී ඇත්තේ, සියයට සියයක් ඒ බව තහවුරු කරගෙන නොමැති බවය.

''මේවනවිට ලොව ප්‍රධාන කොවිඩ් 19 විකෘතිය ඩෙල්ටා විකෘතියයි. ලොව පුරා සියයට 99 ක් පැතිරී ඇත්තේ එයයි. 'ඔමික්‍රෝන්' විකෘතිය එය අභිබවා යා හැකියි. ඒත් එය සියයට සියයක් තහවුරු කරන්න හැකියාවක් නැහැ." යැයි සෞම්‍යා ස්වාමිනාදන් පැහැදිලි කර ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

’ඔමික්‍රෝන්’ මරණ තවමත් වාර්තා වෙලා නෑ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 615 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2305 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1715 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site