IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ඔමික්‍රෝන් ‘බී.ඒ.5’ වේගයෙන් පැතිරෙනවා

‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ ‘බී.ඒ.5’ උප ප්‍රභේද රටවල් රැසකට ව්‍යාප්ත වී ඇති බවත්, ඒ ගැන තමන් විමසිල්ලෙන් පසුවන බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

‘බී.ඒ.5’ සහ ‘බී.ඒ.4’ යනු ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතියේ මෙතෙක් හඳුනාගෙන ඇති උප ප්‍රභේද දෙකය. මෙම උප ප්‍රභේද අතරින් ද වඩාත් වේගයෙන් ව්‍යාප්තිය සිදුවන්නේ ‘බී.ඒ.5’ ප්‍රභේදය යැයි තහවුරු වී තිබේ. ‘බී.ඒ.5’ ප්‍රභේදය මේ වනවිට රටවල් 63 කට ව්‍යාප්ත වී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි.

‘ඔමික්‍රෝන් ප්‍රධාන කොවිඩ් 19 වයිරසයෙන් පමණක් නොව, ඉන්පසු බිහිවුණු සෙසු විකෘතිවලින් ද වෙනස්. ඒ එහි සැර බාලවීම නිසයි. රටවල් බොහොමයක් මේ වනවිට සෞඛ්‍ය නීති ලිහිල් කර තිබෙනවා. ඒත් පොදු ස්ථානවලදී මුහුණු ආවරණ දිගටම පැලැඳීම කළ යුතු යැයි අප නිතරම උපදෙස් ලබා දෙනවා. පෘතුගාලයේ මේ වනවිට ‘බී.ඒ.5’ ප්‍රභේදය දරුණු ලෙස ව්‍යාප්ත වෙමින් තිබෙන බව ආරංචි වෙනවා. ගෙවී ගිය සති අන්තයේ හමුවුණු ‘කොවිඩ් 19’ ආසාදිතයන් ගණන 26,848 ක් බවත්, ඔවුන් සියලු දෙනාට ආසාදනය වී ඇත්තේ ‘බී.ඒ.5’ උප ප්‍රභේදයයි. පසුගිය 23 වැනිදා පෘතුගාලයෙන් ‘කොවිඩ් 19’ මරණ 42 ක් වාර්තා වුණා. ‘ඔමික්‍රෝන්’ විකෘතිය හෝ ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද ගැන අවතක්සේරු කරන්න එපා’ යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පැහැදිලි කර තිබේ.

ඇමෙරිකන් සෞඛ්‍ය බලධාරීන් ද ඔමික්‍රෝන් ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ විකෘති ගැන විමසිල්ලෙන් පසුවන බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ. මේ වනවිට ඇමෙරිකාවේ ‘කොවිඩ් 19’ ආසාදිතයන් ඉහළ ගොස් ඇත්තේ ද ‘බී.ඒ.5’ උප ප්‍රභේදය හේතුවෙනි.

‘කොවිඩ් 19’ වසංගතයේ සැර බාල කිරීමට, ‘ඔමික්‍රෝන්’ විකෘතිය සමත් විය. ‘ඔමික්‍රෝන්’ විකෘතිය ආරම්භ වූයේ දකුණු අප්‍රිකාවෙනි. ‘ඔමික්‍රෝන්’ තව තවත් විකෘති වීමෙන් ‘බී.ඒ.4’ සහ ‘බී.ඒ.5’ උප ප්‍රභේද බිහිවිය. මෙම උප ප්‍රභේද ඉතා වේගයෙන් පුද්ගලයන්ගෙන් පුද්ගලයන්ට සම්ප්‍රේෂණය සිදුවෙයි.

(රොයිටර්)



අදහස් (0)

ඔමික්‍රෝන් ‘බී.ඒ.5’ වේගයෙන් පැතිරෙනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 519 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2251 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1683 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site