ලොව පළමු 'ඔමික්‍රෝන්' මරණය මහා බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙද්දී, චීනය ප්‍රකාශ කළේ එරටින් ද 'ඔමික්‍රෝන්' ආසාදිතයන් වාර්තා වීමට පටන් ගෙන ඇති බවය. මේ වනවිට, 'ඔමික්‍රෝන්' පමණක් නොව, චීනයෙන් 'ඩෙල්ටා' සහ 'ඩෙල්ටා ප්ලස්' යන 'කොවිඩ් 19' වයිරස විකෘති ද හමුවීමට පටන් ගෙන තිබේ.
චීන සෞඛ්‍ය අංශ අනුව, 'ඔමික්‍රෝන්' ආසාදිතයකු පළමුවෙන් හඳුනා ගැනීම සිදුවූයේ එරට ටියැංජින් නගරයෙනි. ටියැංජින් මාධ්‍ය වාර්තා කර ඇති පරිදි, මෙම තැනැත්තා විදේශයක සිට පැමිණි අයෙකි. මෙම තැනැත්තාගෙන් 'ඔමික්‍රෝන්' වයිරසය ව්‍යාප්තවීමට පටන් ගෙන තිබේ. මෙම තැනැත්තාත්, ඔහුගේ ආශ්‍රිතයනුත්, නිරෝධායනයට ලක් කළ බවත් වාර්තා වේ.
2019 වසරේ දී 'කොවිඩ් 19' වසංගතයේ ආරම්භය සිදුවූයේ චීනයෙනි. ලොව සෙසු රටවල 'කොවිඩ් 19' වසංගත තත්ත්වයක් නිර්මාණය වෙද්දී, චීනය එරට වසංගතය පාලනය කර ගත්තේය. ඒ, ආසාදිතයන් වෙන් කර, ආශ්‍රිතයන් සියලු දෙනා හඳුනා ගැනීමට කටයුතු කරමිනි.
දැන් යළිත් වරක් චීනයෙන් 'කොවිඩ් 19' වාර්තා වීමට පටන්ගෙන ඇත. ඒ, 'ඩෙල්ටා' විකෘතිය චීනයට ව්‍යාප්ත වීමත් සමඟය. 'ඩෙල්ටා' යනු ඉන්දියාවෙන් පළමුවෙන් ආරම්භ වුණු 'කොවිඩ් 19' විකෘතියයි. 'ඔමික්‍රෝන්' යනු දකුණු අප්‍රිකාවෙන් පළමුවෙන් හඳුනාගත් 'ඩෙල්ටා' විකෘතියට වඩා දහස් ගුණයකින් ප්‍රබල බෝ වීමේ හැකියාවක් ඇති 'කොවිඩ් 19' විකෘතියයි.
ලබන 2022 වසරේ, චීනයේ බෙයිජීං අගනුවර කේන්ද්‍රකොට ගනිමින් ශීත ඔලිම්පික් උළෙල පැවැත්වීමට නියමිතය. චීනය මේ වනවිට කොරෝනා රැල්ලකට මුහුණ දෙන්නේ පෙබරවාරියේ පැවැත්වීමට නියමිත එම ඔලිම්පික් උළෙලට සූදානම් වෙද්දීය.
(රොයිටර්)
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
’ඔමික්‍රෝන්’ චීනයට