ඩෙන්මාර්කයේ ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය උප ප්‍රභේදයක් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය සාමාන්‍ය ‘ඔමික්‍රෝන්’ ප්‍රභේදයට වඩා බිහිසුණු, වේගයෙන් සම්ප්‍රේෂණය වන විකෘතියක් බවත් ඩෙන්මාර්ක සෞඛ්‍ය අමාත්‍ය මැග්නස් හුනිකේ පවසයි.
සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ රටේ ‘කොවිඩ් 19’ ව්‍යාප්තිය සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය හමුවකට සහභාගී වෙමිනි. විද්‍යාඥයන් ‘ඔමික්‍රෝන්’ විකෘති ප්‍රභේදය ‘බී.ඒ.1’ ලෙසත් ‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය ‘බී.ඒ.2’ ලෙසත් නම් කර ඇත.
මේ වනවිට ඩෙන්මාර්කයේ ව්‍යාප්තවන ප්‍රධාන ‘කොවිඩ් 19’ ප්‍රභේදය ලෙස සැලකෙන්නේ ද ‘බී.ඒ.2’ විකෘතියයි. ‘බී.ඒ.1’ ප්‍රධාන ‘ඔමික්‍රෝන්’ විකෘතිය ද මේ වනවිට ලෝකයේ සෑම රටකටම පාහේ ව්‍යාප්ත වී ඇති අතර, ‘බී.ඒ.2’ ව්‍යාප්තිය දරුණු ලෙස වාර්තා වන්නේ ඩෙන්මාර්කයෙන් පමණි.
මහා බ්‍රිතාන්‍යය, ස්වීඩනය සහ නෝර්වේ රාජ්‍යයෙන් ද මේ වනවිට ‘බී.ඒ.2’ ආසාදිතයන් වාර්තා වී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. කෙසේ නමුත් ඩෙන්මාර්කයේ අසාමාන්‍ය ලෙස ‘බී.ඒ.2’ ව්‍යාප්තියක් සිදුවන බව ලෝක සෞඛ්‍ය සංවිධානය ද පැහැදිලි කර තිබේ.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඔමික්‍රෝන්’ උප ප්‍රභේදය බිහිසුණුයි