ඇමෙරිකාවේ රැඳී සිටිමින් ඇමෙරිකාවට එරෙහිව රුසියාව වෙනුවෙන් ඔත්තු බැලුවැයි චෝදනා ලැබූ රුසියා තානාපති නිලධාරීහු 35 දෙනා සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයෝ ඇමෙරිකාවෙන් පිටව ගියහ.
නෙරපා දැමුණු එම තානාපති නිලධාරීන් 35 දෙනා ආපසු රුසියාවට ගෙන්වා ගැනීමට රුසියා ජනාධිපති ව්ලැදිමීර් පුටින් විසින් විශේෂ ගුවන් යානයක් ඇමෙරිකාවට යවන ලදී.
පසුගිය නොවැම්බර් 8 වැනිදා පැවැත්වුණු ඇමෙරිකන් ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට රුසියාව කටයුතු කිරීම සම්බන්ධ සිදුවීමක් මුල්කොට ගනිමින් ඔත්තු බැලුවේ යැයි චෝදනා එල්ල කරමින් ඔබාමා පරිපාලනය මෙසේ රුසියා තානාපති නිලධාරීන් රටින් නෙරපා දැමීමටත්, රුසියාවට නව සම්බාධක පැනැවීමටත් කටයුතු කළේ පසුගිය සිකුරාදා ය. රටින් පිටවී යෑමට එම නිලධාරීන්ට පැය 72 ක කාලයක් හිමිවිය.
රුසියන් රජයේ අනුදැනුම මත, එරට පරිගණක දත්ත සොරුන් එසේත් නැතිනම් හැකර්වරුන් ඇමෙරිකන් ජනපතිවරණයේ ප්‍රතිඵල වෙනස් කිරීමට කටයුතු කළ බවත්, එය ට්‍රම්ප්ට ජයග්‍රහණය කරා යෑමට හේතුවක් වුණු බවත් ඔබාමා පරිපාලනය චෝදනා කර තිබේ. එල්ල වී ඇති එම චෝදනා පදනම් විරහිත බව රුසියාව කියා සිටී.
2025 නොවැම්බර් මස 04
658
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2329
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඔබාමාගේ උදහසට ලක්වූ රුසියා තානාපතිවරු ආපසු යති
ලංකා Monday, 02 January 2017 10:54 PM
තව දවස් කීපයකින් ඔබාමාත් ගෙදර යයි. ඊටපස්සේ ට්‍රම්ප් රජවෙනවා. රුසියාවේ කට්ටිය අායෙත් ඇමෙරිකාවට එනවා. කොහොම වුණත් ට්‍රම්ප් හොඳයි ශ්‍රී ලංකාවට (නි)
ජානකී Tuesday, 03 January 2017 06:01 PM
මමත් පක්ෂ ට්‍රම්ප්ට තමයි (නි)
සනත් ඒකනායක Tuesday, 03 January 2017 03:26 AM
ට්‍රම්ප්ට ජය! (නි)
අමල් Tuesday, 03 January 2017 10:06 AM
මේක නම් හොඳයි. මමත් කැමතියි වැඩේට (නි)
ද සිල්වා බෙර්ලින් Monday, 02 January 2017 01:53 PM
ගියත් මොකද දැන් ඕනේ හරිය කරලනේ යන්නේ , කවුරු වුනත් කමක් නැහැ හොඳින් හරි නරකින් හරි ක්ලින්ටන් පරද කල එක ලොකු දෙයක් නැත්නම් අපිට හැමදාම කොටි නැටුම් බල බල ඉන්න තිබුන (අ)