ඇමෙරිකා ජනාධිපති බරක් ඔබාමා කියුබාවේ සංචාරයක නිරත වෙමින් ඉරිදා (21) සවස හවානා නගරයට සේන්දු විය. 1959 වසරින් පසු ඇමෙරිකා ජනාධිතිවරයකු කියුබාවට පැමිණි ප්‍රථම අවස්ථාව වේ. එය ලෝක දේශපාලනයේ වෙනස්වීම් සනිටුහන් කරන ඉතාමත් වැදගත් සිදුවීමක් බව ලොව පුරා දේශපාලන විචාරකයෝ කියති.
මේ ගමනට මිචෙල් ඔබාමා සහ දියණියන් දෙදෙනා ද එක්ව සිටියහ. වැසි ඇදහැලෙද් දී කුඩ ඉහලාගෙන හවානා නගරයේ ඇවිද ගිය ඇමෙරිකා ජනාධිපතිවරයා හවානාහි ඇමෙරිකා තානාපති කාර්යාලය විවෘත කරමින් මේ බව පැවසුවේය.
මේ සංචාරයේ දී ඇමෙරිකා ජනාධිපති හා කියුබා ජනාධිපති රාවුල් කස්ත්‍රෝ අතර සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.



![20cuba-obamaarrives-master675[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/20cuba-obamaarrives-master6751.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ වගේ කුඩ ඉහළන්න කව්රුත් නැතිද ? (ම)
ලංකා සංචාරයකදී බ්‍ර්තාන්‍ය රැජින එවකට අගමැති සර් ජෝන් කොත්ලවලටත් කුඩේ අල්ලපු බව ඔබ දන්නවද? (බ)
කියුබානු නායක ෆිදෙල් කස්ත්‍රෝ මෙයාව හම්බවෙන්න බැහැ කියලා (ම)
කුඩේ කියන එක තමන් විසින්ම ඔසවා හසුරුවාගෙන යා යුතුයි. අපේ අයට එක නොතේරීම අවාසනාවක්. (ර)
සුනිල් ඔය ඔබාම ගේ ලේකම් වුණේ කවද ඉදලද ? (අ)
මෙය ලෝකය පුරාම විය යුත්තක්.(ම)