ඇමරිකා ජනපති බැරක් ඔබාමා ජපානයේ හිරෝෂිමාවේ සංචාරයක නිරතවීමට නියමිත බව එරට මාධ්‍ය වාර්තා කියයි. මැයි මස 21 සිට 28 දක්වා ආසියාවේ සංචාරයක නිරතවීමට ඔබාමා සැරසෙන අතර වියට්නාමයේද ඔහු සංචාරය කරයි.
ඇමරිකාව 1945 දී ජපානයේ හිරෝෂිමාවට න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයක් එල්ල කර මහත් විනාශයක් සිදු කිරීමෙන් පසු එහි සංචාරය කරන පළමු ඇමරිකා නායකයා ලෙස ඔබාමා ඉතිහාසගත වන බවද විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
හිරෝෂිමාවට 1945 අගෝස්තු 6 වැනිදා එල්ලවූ න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් 1,40,000කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. ඒත් සමගම ජපානයේ නාගසාකිවලට එල්ලවූ දෙවැනි න්‍යෂ්ටික බෝම්බ ප්‍රහාරයෙන් පසු දෙවැනි ලෝක යුද්ධය නිමාවට පත්කිරීමේ පියවර ගැනිණි.
ඔබාමාගේ සංචාරය හරහා එම න්‍යෂ්ටික ප්‍රහාරවලට සමාව ඉල්ලීමක් සිදු නොකෙරන බවද ධවල මන්දිර ආරංචි කියයි. ඔබාමාගේ සංචාරයේදී ජපාන අගමැති ෂින්සෝ අබේ සමග ලෝක සාමය වෙනුවෙන් න්‍යෂ්ඨික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් සාකච්ඡා හා එකඟතා ඇති කරගැනීමට නියමිත බව ඇමරිකා ජනපති මාධ්‍ය අංශය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමෙරිකාවේ කොච්චර ජනාධිපතිලා ආවත්, රටේ තියන ප්‍රතිපත්ති වෙනස්වෙන්නේ නැහැ,, අපේ රටේ කෙනෙක් ඔතන හිටියනම් බෝම්බ ගහපු ජනපති තුමාව පාවා දීල මම ඒ වෙනුවෙන් සමාව ඉල්ලනවා කියල ලජ්ජා නැතුව කියලත් එයි. (බ)
අනේ මිස්ට ඔබාමා , ඔය යන එන ගමන් අපේ රටටත් ගොඩ වෙලා යන්නකෝ , තමන්ගේ කාලය ඉවරුනාට පස්සේ ගෙදර ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න හැටි අපේ කට්ටියටත් ඉගෙන ගන්න පුළුවන් ඔයාගෙන් (බ)
සම්බාධක පණවන්නේ ආරක්ෂක මණ්ඩලය. ලංකාව න්‍යෂ්ටික පර්යේෂණ කළොත් ඇමරිකාවට කලින් විරුද්ධ වෙයි ඉන්දියාව. (බ)
නිල්මිණි, බොහොම ස්තුතියි මං ගැන ඔච්චරම සැළකුවට. එ්ත් මගේ අවසර මොකටද? ගිහින් බලන්න. එ්ක එක්තරා විදිහක ලෝකයේ යුධමය ඉතිහාසය පිළිබඳ දැනුම සාගරයක්. (නි)
ඔබාමාට හිරෝෂිමා සාම උද්‍යානයේ තිබෙන යුද කෞතුකාගාරය මුළුමනින්ම පෙන්වන්න. අහිංසක සාමාන්‍ය මිනිස්සු වින්ද වේදනාවෙන් දශමයක්වත් විඳින්න සළස්වන්න. අඩු වශයෙන් පශ්චාත්තාප වුණත් ඇති. (නි)
යුද්ධයකදී සිදුවූ වුනාශයන් එක පාර්ශවයකින් අනිත් පාර්ශවයට අඩු වැඩි වශයෙන් සිදුවිය හැකියි. දිනන පාර්ශවය සැමවිටම පරදින පාර්ශවයට වැඩියෙන් විනාශයක් සිදුකරනවා. මෙම තත්වය ඇමෙරිකාවට හෝ ඉන්දියාවට හෝ ශ්‍රී ලංකාවට වුණත් එක හා සමානයි. සමව ඉල්ලිය යුත්තේ එම යුද්ධයට මුල්පිරුවන් විසින් යුද්ධයට අවතිර්ණ වීම වෙනුවෙනුයි. යුද්ධ කළ ආකාරය පිළිබඳව හෝ එයින් වුණු හානි පිළිබඳව නොවෙයි. වරද කළේ යුද්ධයට අවතීර්ණවීමෙනුයි. (නි)
හොඳ වැඩක්. ජයවේවා! (නි)
විමා, ඔයාගේ අවසරය නැති නිසා මෙතෙක් කල නොගිහින් හිටියේ. හෙට ගිහින් බලන්නම් දැන් ඔය කිව්ව නිසා. (ර)
හොඳයි හොඳයි. මෙතුමාටත් අවි ආයුධවල භයානකකම හොඳටම තේරිලා (නි)
ඔලුව ඉදිමිච්ච ඇමරිකන්කාරයෝ මට න්ම පෙනෙන්න බැහැ. මිනිස්සු මෙච්චර මරලත් සමාව ඉල්ලන්න බැරුව ලජ්ජා නැතුව තවත් යනවනේ න්‍යෂ්ඨික අවි වලින් තොර ලෝකයක් වෙනුවෙන් සාකච්ඡා හා එකඟතා ඇති කරගැනීමට. (නි)
රොමේෂ්, මෝඩ කතා නොකියා ලෝක ඉතිහාසය කියවා බලන්න. හිරෝෂිමාවට බෝම්බ ගැහුවේ ජපන්නු, හිට්ලර් පරදිලාත් යටත් නොවුණු නිසා. මේ ප්‍රහාරය නොකළා නම් 2 වෙනි ලෝක යුද්ධය මෙච්චර කලින් ඉවරකරන්න බැහැ. ඔබ වගේ කිසිත් නොදැන ඇමරිකානු විරෝධය කතාකරන අය ලංකාවේ ඕනෑතරම් (නි)
නිල්මිණී, ඔයා ජපානෙ ඉන්නවනම්, එහෙම නැත්නම් අනෙක් අය ජපානෙට යනවානම්, ජපානෙ වෙලාවක ගිහින් බලන්න, ටෝකියෝවේ තියෙන යසුකුනි පන්සලට. පන්සලක් කිව්වට ඒක පන්සලක් මත් නෙවෙයි, කව්තුකාගාරයක්, හෑබෑයි ඒක, දවසකින් නම් බලලා ඉවර කරන්න බෑ. ජර්මනියේ හිට්ලරුයි, ඉතාලියේ මුසලොනියි එක්ක කතා කරගෙන එකතුවෙලා දෙවෙනි ලෝක යුද්ධයක් ලෝකෙ පිට පටවලා ජපානෙ අතීතෙ හිටපු මිනිස්සු ලෝකෙට කරපු අසාධාරණයක, විනාශයක මහත තේරෙයි. මොනවා හරි හේතුවකට ඒ මිනිස්සු පැහැදිලිම විස්තරේ ඒ කෞතුකගරේ විවිධාකාරයෙන් අභිරුපනයන් භාවිතා කරලා විස්තර කරලා තියෙනවා. (ර)
ඇමෙරිකාවට විතරයි එහෙම කරන්න පුළුවන් යුද්ධ නවත්වන්න. වෙන රටක් න්‍යෂ්ඨික ආයුධ හදන්න පර්යේෂණ කළොත් ඇමෙරිකාව මැදිහත් වෙලා සම්බාධක පනවනවා. (බ)