ඇමෙරිකා ජනපති බැරැක් ඔබාමා ඔහුගේ අවසාන රාජතාන්ත්‍රික නිල සංචාරය සදහා යුරෝපයට ගිය බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එහිදී බැරැක් ඔබාමා හා ජර්මන් චාන්සලර් ඇන්ජෙලා මර්කල් අතර  විශේෂ හමුවක් බර්ලින් නුවර ඇඩ්ලොන් හෝටලයේදී පැවැත්විණි. මෙය ඔබාමාගේ 6 වැනි ජර්මන් නිල සංචාරයයි. ඔවුන් දෙදෙනා පසුගිය කාලයේ හිතවත්ව කටයුතු කළ බව දේශපාලන විචාරකයෝ පවසති.

ජර්මනියේ ජනතාව ඔවුන්ගේ නායකතුමිය අගය කළයුතු බවත් ඇයට තමන් සුබ පතන බවත් ඔබාමා ජර්මන් මාධ්‍ය අමතමින් පැවසීය.

මෙම සංචාරයේදී ඔබාමා බ්‍රිතාන්‍යය අගමැති තෙරේසා මේ,ප්‍රංශ අගමැති ෆ්‍රැන්සියොස් හොලන්ඩේ,ඉතාලි අගමැති මට්ටාඕ රෙන්සි,ස්පාඤ්ඤ අගමැති මරියෝ රාජෙයි යන රාජ්‍ය නායකයින් මුණ ගැසීමට නියමිතය.

"ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ වාග් විලාසය මැතිවරණ වේදිකාවේ සිට රාජ්‍ය පාලනය වෙත පැමිණෙද්දී වෙනස් කරගන්නා ලෙස මම ඔහුට උපදෙස් දුන්නා" යැයි ද ඔහු පැවසීය.