ඇමරිකා එක්සත් ජනපදයේ ගිනි අවි මිලදීගැනීමේ නීති දැඩි කිරීමට තීරණය කර ඇතැයි ඇමරිකා ජනපති බැරක් ඔබාමා මාධ්‍ය ඉදිරියේ හැඟුම්බරව ප්‍රකාශ කළේය.
ගිනි අවි මිලට ගන්නා අයගේ වටපිටාව පරීක්ෂා කිරීමටත් ඔවුන්ගේ පසුබිම පිළිබඳ සියලු තොරතුරු ලබාගැනීමටත් ක්‍රියා කරන බව ඔබාමා පැවසීය.
බොහෝ සංවිධාන හා පිරිස් ගිනි අවි සම්බන්ධ නව නීතිවලට විරෝධය දැක්වුවද මේ සම්බන්ධයෙන් දැඩි නීති අනුගමනය කරන බව ඔබාමා දැඩිව අවධාරණය කළේය.
ගිනි අවි භාවිතය මගින් පසුගිය කාලයේ සිදුවූ අනතුරු හා විවිධ සිදුවීම් සම්බන්ධයෙන් අවධානය යොමුකරමින් මෙම තීරණය ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.
ඇමරිකාවේ ගිනි අවි අලෙවිය මේවන විට ඉහළ ගොස් ඇතැයිද එරට වැසියන් 100 කගෙන් 80කටම ගිනි අවි ඇතැයිද සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලගකදී ඇමෙරිකාවේ ඡන්දයක් එනවා. ඒකයි මෙයා බොරුවට කිබුල් කදුළු සලන්නේ. (ර)
වැඩේ නොකෙරුණ නිසා කිඹුල් කඳුළු සලා. (ර)
පඬුපුල් අසුන රත්වේගෙන එනවද ? නැත්නම් ........ (කෞ)
එරට වැසියන් 80%කම ගිනි අවි ලග තබාගෙන ඉන්නේ මොකද ? මේක ඉතාම විශාල ප්‍රමාණයක් නිසා පැහැදිලි හේතුවක් තියෙන්න ඕන. ගිනි අවි ලග තබා ගැනීම දියුණුවේ ලක්ෂණයක්ද ? දන්න කෙනෙක් පුලුවන්නම් පහදලා දෙන්න. (ර)