තරුණ තරුණියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ සිහින ඉතා වැදගත් හා වටින්නේ යැයි ඇමෙරිකාව පුරා නගරවල විරෝධතාවයේ නියැළී සිටින විවිධ ජාතීන්ට අයත් තරුණ පිරිස අමතමින් ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා පැවැසීය.
ඇමෙරිකානු පොලිසිය තුළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කළ යුතු යැයි විඩියෝ තාක්ෂණය ඔස්සේ අදහස් දක්වමින් ඇමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයා කීය.
මිනසෝටා ප්‍රාන්තයේ මිනියැපොලිස් නගරයේදී සුදු ජාතික පොලිස් නිලධාරීන්ගේ අඩත්තේට්ටම්වලට ලක්වීමෙන් කළු ජාතිකයකු වූ ජෝර්ඩ් ෆ්ලොයිඩ්ගේ මරණයෙන් පසු බැරැක් ඔබාමා ප්‍රසිද්ධයේ අදහස් දැක්වූ පළමු අවස්ථාව මෙය විය.
විරෝධතාවලට නියැළී සිටින තරුණ තරුණියන් ඇගයූ හිටපු ජනාධිපතිවරයා ප්‍රචණ්ඩත්වය අනුමත නොකරන බව මීට පෙර අවස්ථාවකදී පවසා තිබිණි. මෙය රට තුළ වෙනසක් කිරීමට අවස්ථාවක් කර ගත යුතු බව ද හෙතෙම එම අවස්ථාවේදී සඳහන් කර තිබිණි.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා මෙන්ම ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ද මේ වනවිට ප්‍රචණ්ඩත්වය හෙළා දකිමින් සහ විරෝධතාකරුවන්ට සහාය දක්වමින් අදහස් දක්වා ඇත.
ප්‍රචණ්ඩත්වය සහ අසාධාරණත්වය මේ මොහොතේ රටපුරා ඇති වී තිබෙන විරෝධතාවලට ප්‍රධාන හේතු වී ඇතැයි පෙන්වාදුන් හිටපු ජනාධිපතිවරයා ප්‍රාදේශීය මට්ටමින් ඒවා වෙනස් කළ යුතු යැයි ද කීවේය.
‘‘ඡන්දය දීම වගේම විරෝධතා කිරීමත් ඉතාම වැදගත්’’ යැයි ද ඔහු කීය.

‘‘රටේ සෑම නගරාධිපතිවරයකුගෙන්ම මම ඉල්ලනවා.සෑම ප්‍රජාවකගෙන්ම මම ඉල්ලනවා. පොලිසිය ඔවුන්ගේ බලතල භාවිත කරන ආකාරය නැවත විමසා බලන්න ඕනෑ. ඒවාට ප්‍රතිසංස්කරණ කරන්න ඕනෑ’’ යැයි හිටපු ජනාධිපතිවරයා කීය.
‘‘අපි සැබෑ වෙනසක් කරන්න ඕනෑ. සැබෑ වෙනසක් කරන්න නම් අපි දෙගොල්ලොම ප්‍රශ්නය ඉස්මතු කරන්න ඕනෑ. බලයේ සිටින අය අපහසුතාවට පත් කරන්න ඕනෑ. හැබැයි අපි මේ අවස්ථාව ප්‍රායෝගික විසඳුම් සෙවීමට අවස්ථාවක් කරගන්න ඕනෑ. ඒ වගේම ක්‍රියාත්මක කළ හැකි නීති සකස් කරන්න වුවමනාය’’ යැයි ද ඔහු කීවේය.
‘‘සෑම වර්ණයකම තරුණ තරුණියන්ම මම කියන්න ඕනෑ. ඔබේ ජීවිත වටිනවා. ඔබේ සිහින අපට වැදගත්’’ යැයි ඔහු පැවැසීය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ද විරෝධතාකරුවන් සමඟ පාගමනේ යෙදිය යුතු යැයි ද ඔහු වැඩිදුරටත් කීවේය.
ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමා එරට පළමු කළු ජාතික ජනාධිපතිවරයා ය.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘ඔබේ ජීවිත වැදගත්: ඔබේ සිහින වටිනවා’
upali Friday, 05 June 2020 06:16 AM
එතුමාගේ නියම නමේ, හුසින් බැරැක් ඔබාමා. කළු , මුස්ලිම් ඇමෙරිකානුවෙකි...
Bamunuarachchi Friday, 05 June 2020 06:59 AM
මිනිසුන් දකින සිහිනවල වටිනාකමක් තිබෙනවා. නමුත් ඒ සිහින සැබෑ කරගන්න යන සමහර ක්‍රම තමයි වටින්නේ නැත්තේ. තමන්ට පරිගණකයක් ලබා ගන්න දකින සිහින වැදගත්. නමුත් ඒ සඳහා අනිකාගේ පරිගණකය සොරකම් කිරීම නොවැදගත්.
Jyantha Sunday, 14 June 2020 03:23 PM
හිටපු අවුරුදු 8හි, කලු මිනිස්සුන්ට කිසිම දෙයක් නොකරපු මේ බුවා මාලිගාවක් අරගෙන සුදු මිනිස්සු ඉන්න ප්‍රදේශයක ජීවත් වෙන්න ගිහින් දැන් කලු මිනිස්සුන්ගේ අයිතිවාසිකම් කතා කරන්න එනවා. අනේ නිකන් යන්න.