IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙන්න පැයක්

චීනයේ වයස අවුරුදු 18ට අඩු දරුවන්ට ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත විය හැකි කාලය පැයකට සීමා කිරීමට චීනයේ වීඩියෝ ක්‍රීඩා පරිපාලකයින් පියවර ගෙන ඇත.

ඒ අනුව, දරුවන්ට ඔන්ලයින් ක්‍රීඩාවල නිරත විය හැකි වන්නේ සිකුරාදා, සති අන්තයේදී සහ නිවාඩු දිනවල පමණක් වන අතර එයද  පස්වරු 8 සිට 9 දක්වා දිනකට පැයක් පමණක් දක්වා සීමා කර තිබේ.

තවද ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා නිපදවන සමාගම් සම්බන්ධයෙන් අධීක්ෂණයකිරීම් ඉහළ දැමීමටත් චීන බලධාරීන් තීරණය කර ඇති බව වාර්තා වේ.

පනවා ඇති නව සීමාවලින් බැහැරව දරුවන් ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීම වැළැක්වීම සඳහා අවශ්‍ය පියවරගන්නා ලෙස බලධාරීන් පරිගණක ක්‍රීඩා නිපදවන සමාගම්වලින් ඉල්ලා තිබේ.

චීන රාජ්‍ය මාධ්‍ය ආයතනය ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩා හඳුන්වාදී තිබෙන්නේ  "ආධ්‍යාත්මික අබිං" ලෙසින් වන අතර පෙර පැවති නීතිරීතිවලට අනුව දිනකට මිනිත්තු 90ක් ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීම සඳහා ළමුන්ට අවසර හිමිවී තිබුණි.

නිවාඩු දිනවලදීනම් පැය තුනක කාලයක් එවැනි ක්‍රීඩාවල නිරතවිය හැකිවූ බව චීන මාධ්‍ය වාර්තා කළේය.දිගු කාලයක් අධික ලෙස ඔන්ලයින් ක්‍රීඩාවල නිරතවීමෙන් යොවුන් අයට සිදුවන බලපෑම සැලකිල්ලට ගෙන මේ සීමාවන් වෙනස් කිරීමට චීන බලධාරින් මෙම තීරණ ගෙන ඇත.

චීනයේ යොවුන් දරුවන් දැඩි ලෙස ඔන්ලයින් ක්‍රීඩා සඳහා ඇබ්බැහි වී සිටින බවත් එය ඔවුන්ට අහිතකර බලපෑම් ගෙනදෙන බවත් අනාවරණ වී තිබුණි.රාත්‍රී 10 සිට උදෑසන 8 දක්වා කාලය තුළ ළමයින් ඔන්ලයින් ක්‍රිඩාවල නිරතවීම වැළැක්වීම සඳහා මුහුණ හඳුනාගැනීමේ ක්‍රමය හඳුන්වාදීමට චීන වීඩියෝ ක්‍රීඩා දැවැන්තයෙක් වන ටෙන්සෙන්ට් සමාගම ඉකුත් ජූලි මාසයේදී පියවර ගෙන තිබුණි.

(රොයිටර්)



අදහස් (1)

ඔන්ලයින් වීඩියෝ ක්‍රීඩාවල නිරත වෙන්න පැයක්

ravi Wednesday, 01 September 2021 06:21 PM

ලංකාවෙත් මෙවැනි තීරණයක් ඉක්මනින්ම ගත යුතුයි. තරුණ පරපුර වේගයෙන් ඔන්ලයින් ක්‍රීඩා වලට ඇබ්බැහි වෙමින් පවතිනවා. පසුගිය දිනවල තරුණ ලමයෙක් දිවි නහගත්ත ඔය නිසා. වගකිවයුත්තන්ගේ අවදානයට

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 877 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site