IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ඔත්තු බැලීමට ලක්වුණු රාජ්‍ය නායකයන්ගේ විස්තර එළියට

ඊශ්‍රායලයේ 'එන්.එස්.ඕ. ගෲප්' සමාගමෙන් මිලදී ගත්, 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ඔත්තු බැලීම් කළ රාජ්‍ය නායකයන් කිහිප දෙනකුගේ විස්තර මේ වනවිට ප්‍රසිද්ධියට පත්වී තිබේ.

ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්, ඉරාක ජනාධිපති බර්හාම් සාලී සහ මොරොක්කෝවේ හය වැනි මොහොමද් රජු එම රාජ්‍ය නායකයන් අතෙර් සිටින බව වාර්තාවේ. මෙම රාජ්‍ය නායකයන් ගැන ඔත්තු බැලීම් කළ පුද්ගලයන් කවුරුන්දැයි යන්න සම්බන්ධයෙන් තොරතුරු තවමත් ප්‍රසිද්ධියට පත් වී නැත.

ඊශ්‍රායලයේ 'එන්.එස්.ඕ ගෲප්' ලොව ප්‍රධාන පෙළේ තොරතුරු ආවේක්ෂණ එසේත් නැතිනම් ඔත්තු බැලීමේ කටයුතු සඳහා තාක්ෂණික සහාය සපයන පෞද්ගලික සමාගමක් වන අතර, 'පේගසස්' යනු එම සමාගම නිපදවා ඇති මෘදුකාංගයකි.

ලෝකයේ රටවල් රැසක රජයන්, බුද්ධි අංශ පමණක් නොව, පෞද්ගලික මට්ටමින් දේශපාලනඥයන්, ව්‍යාපාර ප්‍රධානීන් ආදිය 'පෙගසස්' මිලදී ගෙන එය භාවිතයට ගනිමින්, මාධ්‍යවේදින්, නීතීඥවරුන්, සමාජ ක්‍රියාකාරීන්, රාජ්‍ය නායකයන් ආදිය ගැන රහසේ ඔත්තු බැලීම සිදු කරන බව මේ වනවිට අනාවරණය වී තිබේ.

'එන්.එස්.ඕ ගෲප්' සමාගමට අනුව, ඔවුන් ඔවුන්ගේ සේවාව ලබා දෙන්නේත්, 'පෙගසස්' මෘදුකාංගය අලෙවිය සිදු කරන්නේත් රජයන්ට සහ බුද්ධි අංශ සඳහා පමණි. ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනයට ලැබෙන කෙටි පණිවුඩ හෝ අනවශ්‍ය ඊ මේල් හරහා 'පෙගසස්' මෘදුකාංගය ජංගම දුරකතනයට ප්‍රවේශ වී, දුරකතනයේ හිමිකරුගේ සියලු දත්ත ලබා ගැනීම සිදු කරයි. ඔත්තු බැලීම් සිදුවන්නේ ඒ අනුවය.

ඔත්තු බැලීමට ලක්වුණු රාජ්‍ය නායකයන් අතරේ, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් පමණක් නොව, මැක්රොන්ගේ රජයේ ප්‍රධාන පෙළ ඇමැතිවරුන් සහ ප්‍රංශ රාජ්‍ය නිලධාරීන් ද සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කර තිබේ. 'පෙගසස්' හරහා ස්මාර්ට් ජංගම දුරකතනවලට ප්‍රවේශ වී, (හැක් කරමින්) ඔත්තු බැලීම් කළ කණ්ඩායම කවුරුන්දැයි හඳුනා ගැනීමට මේ වනවිටත් විමර්ශන ආරම්භ කර ඇති බව ප්‍රංශ, ඉරාක, මොරොක්කෝ රටවල ආරක්ෂක අංශ පවසා ඇත.

ප්‍රංශයේ 'ල මොන්ද්' පුවත්පත පසුගිය දා වාර්තා කළේ, ඉන්දීය රජය සහ බුද්ධි අංශ එක් වී, නවදිල්ලියේ සිටින පාකිස්තාන, නේපාල, ඉරාන, දීන සහ ඇෆ්ගන් තානාපාති නිලධාරීන් ගැන ඔවුන්ගේ ජංගම දුරකතන ඔස්සේ ඔත්තු බැලීම් කළ බවය. දිගින් දිගටම චෝදනා එල්ල වීමට පටන් ගත්ත්ත්, අග්‍රාමාත්‍ය මෝදිගේ රජය හෝ ඉන්දීය බුද්ධි අංශ හෝ මේ සම්බන්ධයෙන් කිසිවක් පවසා නොමැත.

'ලා මොන්ද්' පුවත්පත උපුටා දක්වමින් ඉන්දියාවේ 'ද හින්දු' පුවත්පත පවසා ඇත්තේ එන්.එස්.ඕ. ගෲප් සමාගමේ 'පෙගසස්' මෘදුකාංග භාවිතයට ගනිමින්, ඉන්දීය රජය සහ එරට බුද්ධි අංශ, 2017 වසරේ සිට ඔත්තු බැලීම් සිදු කළ බවය. එම ඔත්තු බැලීම් ආරම්භ වී ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඊශ්‍රායලයට ගොස් එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ බෙන්ජමින් නෙදන්යාහු හමුවීමෙන් පසුව යැයි ද 'ද හින්දු' පුවත්පත වැඩි දුරටත් පවසා ඇත.

විදෙස් මාධ්‍ය කළ අනාවරණයත් සමඟ පාකිස්තාන රජය පවසා ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ ස්මාර්ට් ෆෝන් ජංගම දුරකතනයට අවසරයෙන් කවුරුන් හෝ ප්‍රවේශ වී ඇතිදැයි සෙවීමට විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවය.

මෙතෙක් අනාවරණය වී ඇති අන්දමට ඊශ්‍රායලයේ 'පෙගසස්' මෘදුකාංගය භාවිතයට ගනිමින්, ඔත්තු බැලීම් කළ රටවල්වන්නේ ඉන්දියාව, අසර්බයිජානය, බහරේනය, හංගේරියාව, කසක්ස්තානය, මෙක්සිකෝව, රුවන්ඩාව, සෞදිය සහ එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයයි.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

ඔත්තු බැලීමට ලක්වුණු රාජ්‍ය නායකයන්ගේ විස්තර එළියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 103 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 880 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 377 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site