ඉරානයේ දකුණු දිග ගල්ෆ් කළාපයට ඉහළින් පියාසර කළ ඇමරිකානු යුද හමුදාවට අයත් ඩ්‍රෝන යානාවක් ඉරානය විසින් වෙඩි තබා ඇතැයි වාර්තා වේ.
මෙය ඔත්තු බැලීමට යොදාගත් යානයක් වන අතර ඇමරිකාව විසින් ද මෙම පුවත තහවුරු කර ඇත.ඉරානයේ හෝමෝස්ගන් පළාතේ කුමෝබාරක් ප්‍රදේශය ආසන්නයේදී මෙම යානයට වෙඩි තබා තිබේ.
මෙම සිද්ධියත් සමග මැද පෙරදිග කලාපයේ යුද උණුසුම වර්ධනයවීමේ අවධානමක් පවතින බව විචාරකයෝ පවසති.ඕමාන ගල්ෆ් කළාපයේදී ඉන්ධන ප්‍රවාහන නෞකා දෙකකට ප්‍රහාර එල්ල වීමෙන් පසුව සෞදි අරාබිය හා ඉරානය අතරද යම් උණුසුම් වාතාවරණයක් ඇතිවී තිබේ.
අතිරේක හමුදා භටයින් 1000ක් මැද පෙරදිග කලාපයට යවන බවට ඇමරිකාව ප්‍රකාශ කර දින කිහිපයකට පසුව මෙම සිදුවීම වාර්තා විය.
(බීබීසී ඇසුරිණි - 085)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඔත්තු බැලූ ඇමරිකානු ඩ්‍රෝන යානයට ඉරානය වෙඩිතබයි