සෞදි අරාබිය ඇතුළු ගල්ෆ් කලාපීය ඔටුවන්ගෙන් 90%කට පමණ කොරෝනා වෛරසය වැළඳී ඇතැයි සෞදි සෞඛ්‍ය අමාත්‍යංශය කියයි.
වෛරසය ඇති ඔටුවන් සමග මීටරයක් දුරින් සිටින අයකුට එය වැළඳීමේ අවදානමක් ඇති බවත් ඔටුවන් සමග සිටින පුද්ගලයින් මගින් රෝගී ලක්ෂණ නොපෙන්වා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ටද රෝගය වැළඳීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය බලධාරිහු කියති.
සෞදියේ අල් හසා ප්‍රදේශයේ ඔටුවන්ගෙන් 50%කට පමණ වෛරසය වැළඳී ඇතැයිද තරුණ ඔටුවන්ගෙන් වෛරසය ව්‍යාප්තවීමේ වැඩි අවදානමක් ඇතැයිද නව එන්නතක් කෙරෙහි බලධාරීන්ගේ අවධානය යොමු වී ඇතැයිද සඳහන්වේ.
මැදපෙරදිග ස්වසන සින්ඩ්‍රෝමය හෙවත් මර්ස් නමැති හුස්ම ගැනීමේ අපහසුව ඇති කරන පෙනහලු ආසාදන වෛරසයක් වන මෙය සෞදි අරාබියේ 1000 කට පමණ වැඳී ඇති බවත් 388 දෙනෙක් මියගොස් ඇති බවත් කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුමින්ද, ඔටුවන් බලාගන්නා අය කියන්නේ කකුල් දෙකේ ඔටුවන්ට තමයි. (අ)
දෙවියෝ කෝප වෙලා! (ස)
ඔය ලෙඩේ අපි වගේ කකුල් දෙකේ ඔටුවන්ටත් හැදේවිද ? (නදී)
මේ වගේ ලෙඩ මවන්නේ මොකෝ ? (නදී)