IMG-LOGO

2025 නොවැම්බර් මස 10 වන සඳුදා


ඔක්කොම කුණු බේරුවල් බොක්කට

නයිජීරියාවේ කි‍්‍රයාත්මක බෝකෝ හරාම් අන්තවාදී සංවිධානය තමන් අයිඑස් සංවිධානය හා අත්වැල් බැදගැනීමට සැරසෙන බව සඳහන් කරමින් හඩ පටයක් නිකුත් කර තිබේ.

අයිඑස් සංවිධානයේ ලොව පිරිසිදු කිරීමේ කි‍්‍රයාදාමය හා එක්වීමට තම සංවිධානයද සූදානම්යැයි බෝකෝ හරාම් නායකයින් පවසා සිටිනු එම හඬ පටයේ සටහන්ව ඇත.

බෝකෝ හරාම් සංවිධානය තම සංවිධානය හා එක්වීම මහත් ඉහළින් පිළිගන්නා බව ප‍්‍රකාශයට පත්කර තිබෙන අයිඑස් සංවිධානය සිරියාවට පැමිණ ශුද්ධවු දේශය දිනාගැනීමේ සටනට එක්වීමට අපහසු පුද්ගලයින්ට දැන් බටහිර අපි‍්‍රකාවේ බෝකෝ හරාම් සහෝදරවරු හා එක්වී අයිඑස් සංවිධානයට පක්ෂපාතීත්වය පළකළ හැකිබව සඳහන් කර තිබේ.

නයිජීරියා ආරක්ෂක අංශ වලට අනුව බෝකෝ හරාම් අන්තවාදීහු අයි එස් සංවිධානය හා සබඳතා ඇතිකරගෙන සිටින්නේ බොහෝ කාලයකට පෙර සිටය.බොකෝ හරාම් අන්තවාදීන්ට අවැසි අවි ආයුද ලැබෙන්නේ අයිඑස් සංවිධානය හරහා බව ඔවුන් පවසයි.

මෑත සමයේ බෝකෝ හරාම් අන්තවාදීන්ට සිරියාවේදී සටන් පුහුණුව පවා ලබාදීමට අයිඑස් සංවිධානය කටයුතු කර ඇතැයිද හෙළිව තිබෙන්නකි.

දෙපාර්ශවයේ එකතුව නයිජීරියාවට කිසිසේත්ම සුභ ආරංචියක් නොවේ.එරට ආරක්ෂක අංශ යම්තාක් දුරටක බෝකෝ හරාම් අන්තවාදීහු මර්දනය කිරීමට සමත්ව සිටියද මෙසේ ඔවුන් අයිඑස් සංවිධානය හා එක්වීම බෝකෝ හරාම් සංවිධානයේ නැවත නැගිටීමකට හේතු වනු ඇත.

පසුගිය කාලයේ නයිජීරියාවේ සිදුවූ ඝාතන 10000 කට පමණ වගකිව යුතු වන බෝකෝහරාම් අන්තවාදී සංවිධානය  ප‍්‍රතිපත්තියක් නොමැති,උමතුවෙන් මෙන්  හැසිරෙන පිරිසකගෙන් සැදුම් ලදෙකැයි සැළකෙන්නකි.

නයිජීරියාවේ දේශසීමා අසළ වනයේ සැගව සිටින බෝකෝ හරාම් අන්තවාදියෝ අසළ ගම්බිම් වලට පැන ගම් වැසියන් මරා දැමිීම,දේපළ විනාශ කිරීම ආදිය සිදුකරති.පසුගිය දිනෙක නයිජීරියාවේ නගරාසන්නයේ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයද බෝකෝ හරාම් ගිණුමට බැර වන්නකි.එම බෝම්බය බඩ බැදගෙන පැමිණියේ සත් හැවිරිදි කුඩා දැරියකි.

අයිඑස් සංවිධානය හා එක්වූ පසු බෝකෝ හරාම් අන්තවාදීහු තවත් කෙතරම් දරුණු වනු ඇතිදැයි සිතාගතවත් නොහැකි බව යුද විශ්ලේෂකයින් කියයි.මෙනිසා දැන් දැන්ම ළග එන ව්‍යසනය මර්දනය කිරීමට නයිජීරියා රජය පියවර ගතයුතුව ඇතැයි ඔවුන් පවසයි.

0F458E6900000578-0-image-a-36_1426197488259 1F6B2F2D00000578-0-image-m-28_1426196850434 266CEE5A00000578-0-image-a-29_1426196859050 2661639A00000578-2992382-Terrorist_The_audio_message_released_by_ISIS_calls_on_Jihadi_s_w-a-18_1426199868247 2661639200000578-0-image-a-38_1426197513560

 

 

 



අදහස් (0)

ඔක්කොම කුණු බේරුවල් බොක්කට

දුමින්ද Monday, 16 March 2015 06:59 AM

අචිනි, ත්‍රස්තවාදය සහ යුද්දය යනු ලොව දරුණුතම ආර්ථික සූරා කන ක්‍රමයකි (අ)

:       0       0

සංජීව Saturday, 14 March 2015 05:16 PM

සරත් ෆොන්සේකා වගේ හමුදාපති කෙනෙකුත් ලොව කොහෙවත් නැත. සිටියානම් මෙවැනි අය මෙලොව නැත. (නදී)

:       0       0

සමීර Tuesday, 31 March 2015 06:34 AM

මේ කල්ලි ගැන අපි දන්න දේට වඩා නොදන්න දෙවල් ගොඩක් ඇති.මේවා පිටුපස ඉන්නේ බලවත් රටවල්ම තමයි.එ අයට අවශ්‍ය අකාරයට මේවා හසුරවනවා. (ස)

:       0       0

නුවන් Sunday, 15 March 2015 03:26 AM

සාමයේ ආගම පතුරුවන්න දරන වෙහෙසක තරම (නදී)

:       0       0

නුවන් Sunday, 15 March 2015 06:16 AM

මේක විගඩමක් , ලෝකයේ බලවත් රටවලට අවශ්‍ය නැහැ මොවුන් යුධයෙන් විනාශකර දමන්න, නැත්නම් ඔවුන්ගේ හමුදා බලයේ හැටියට මෙලහකට ත්‍රස්තවාදීන් දකින්න වෙන්නේ චිත්‍රපටි වල පමණයි. මේවා සමුහ ව්‍යාපාර (ම)

:       0       0

තේහාන් Saturday, 14 March 2015 08:39 AM

මහින්ද වැනි නායකයකු ලොව වෙන කොහේවත් නොමැත. එසේ සිටියා නම් මෙවැනි අයට ඉඩක් නොමැත. (නදී)

:       0       0

අචිනි Saturday, 14 March 2015 10:56 AM

නේහන් එහෙනම් මුලු ලෝකයම හොරා කාලා (නදී)

:       0       0

සොපී Wednesday, 18 March 2015 02:02 AM

ජාඩියට මූඩිය වගේ ගැළපෙන කල්ලි දෙක ..... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 448 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2207 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site