දකුණු ප්‍රංශයේ ග්‍රෝටේ චවුට් හි පැරණි ගුහා චිත්‍ර සඳහා යුනෙස්කෝ සංවිධානය ලෝක උරුම තත්ත්වය ලබා ඇත. ප්‍රාග් ඓතිහාසික යුගයේ ලොව පැරණිතම ගුහා චිත්‍ර ලෙස සළකන මේ චිත්‍ර අදින් වසර 36000 ට වඩා පැරණි බව සැළකේ. එහි එවැනි චිත්‍ර සටහන් 1000 ට වැඩි ප්‍රමාණයක් ඇත.
යුනෙස්කෝව සඳහන් කරන්නේ මේ චිත්‍ර පැරණි මානවයාගේ ගත ලක්ෂණ හොඳින් පෙන්වාදෙන නිර්මාණ වයි. වර්ග මීටර 8500 ක ප්‍රෙද්ශයක පැතිර පවතින මේ චිත්‍ර පිහිටි ගල් ගුහාව පොළාව යටින් මීටර 25ක් මණ දුරක් ගමන් කරයි.
මේ ලෙන් සිතුවම් මෙතෙක් ප්‍රංශයේ ආරක්ෂිත උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කැර තිබිණි. මේ ලෙනට යාම සංචාරකයන්ට සීමා කැර ඇත. වසරකට එහි යාමට අවසර ඇත්තේ පර්යේෂකයන් 200ක් පමන සුළු පිරිසකට පමණි.
මේ සිතුවම් අතර මිනිස් අත් මැමත්, කැලෑ බළලුන්, රයිනෝ, බයිසන් ගවයා, වග වලසුන් වැනි සතුන්ගේ රූ සටහන් රැසක් දක්නට ලැබෙයි. පර්යේෂකයන් විශ්වාස කරන්නේ මේ ගුහාවල ස්ථිරව මිනිසුන් පදිංචිව සිටින්නට නැති බවයි.
2025 නොවැම්බර් මස 04
314
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2131
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1620
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඓතිහාසික ලෙන් චිත්‍ර ලෝක උරුමයක් වෙයි
ග්‍රාම්‍යා Thursday, 03 July 2014 07:08 AM
ඒ කලේ මොන තරම් නිදහසේ - සැහැල්ලුවෙන් මිනිස්සු ඉන්න ඇතිද? අවශ්‍යතාවන්ට විතරක් මුල් තැන දෙන්න ඇති. දැන් කාලේ වගේ "අනවශ්‍යතාවන්" වලට මුල් තැන නොදී. (නදී)
ඡායා Thursday, 03 July 2014 07:48 PM
අපේ ලංකාවේ දේශපාලුවෝ ඒ කාලේ හිටියා නම් උන්ගේ පොටෝ ටික විතරක් තියාවි මුළු ගුහාව පුරාම. මොන තරම් පරිසරයට ආදරේ ම්නිස්සු ඉන්න ඇද්ද. ඕක ලංකාවේ තිබුනා නම් විනාඩියට 200 ගානෙ ඇතුල් කරලා හොඳට ගරාගෙන කයි (නදී)
විමල් Tuesday, 01 July 2014 03:59 PM
හරිම ලස්සන චිත්‍ර... (නි)
අනුර Friday, 04 July 2014 06:19 PM
සතුටුදායක ආරංචියක් (නි)