මිනිස් සිරුරට ඇතුළුවන එච්.අයි.වී. වෛරසය මුළුමනින් ම ආසාදිතයාගෙන් ඉවත් කළ හැකි ක්‍රමයක් ඇතැයි පර්යේෂකයෝ කියති. ටෙම්ප්ලර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් කණ්ඩායමක් මුල් වරට මේ සොයා ගැනීම සිදුකැර ඇත.

එය මාරාන්තික ඒඩ්ස් රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් වනු ඇතැයි ද ඔවුහු කියති. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කමෙල් කලීල් පවසන්නේ එය පුදුම උපදවන සොයා ගැනීමක් බවයි.

‘‘ මෙය තවම සායනිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්ව නැහැ. කෙසේ වෙතත් මේ සංකල්පය මගින් අපි නියමිත දිශාවට යමින් තිබෙන බවනම් පැහැදිලියි. එහිදී සිදුකරන්නේ මිනිසාගේ ජාන යොදාගෙන එච්.අයි.වී. වෛරසය තහඩුවක් කපන්නා සේ කපා දැමීමයි. මෙය සාර්ථක ප්‍රතිකාරයක් වේවි.“

ලෝකයේ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 33 ට වඩා අධිකය. ඇමෙරිකාවේ එම ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකි. සෑම වර්ෂයක දී ම තවත් 50,000 ක් පමණ මේ රෝගය වැළඳ ගන්නා බව වෛද්‍යවරු කියති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 665 කින් ම එක් අයෙක් එච්.අයි.වී. ආසාදිතයෙකි.

‘‘ මේ තාක්ෂණය මගින් එකක් නෑර සියලුම එච්.අයි.වී. වෛරස රෝගියාගෙන් ඉවත් කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවා. එය ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් “ වෛද්‍ය කලීල් වඩාත් විශ්වසනීයත්වයකින් යුතුව එසේ කියයි.

HIv 2 HIV 1 - Copy