IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඒඩ්ස් මට්ටුකරයි

මිනිස් සිරුරට ඇතුළුවන එච්.අයි.වී. වෛරසය මුළුමනින් ම ආසාදිතයාගෙන් ඉවත් කළ හැකි ක්‍රමයක් ඇතැයි පර්යේෂකයෝ කියති. ටෙම්ප්ලර් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් කණ්ඩායමක් මුල් වරට මේ සොයා ගැනීම සිදුකැර ඇත.

එය මාරාන්තික ඒඩ්ස් රෝගයට ස්ථිර ප්‍රතිකාරයක් වනු ඇතැයි ද ඔවුහු කියති. පර්යේෂණ කණ්ඩායමේ ප්‍රධානී කමෙල් කලීල් පවසන්නේ එය පුදුම උපදවන සොයා ගැනීමක් බවයි.

‘‘ මෙය තවම සායනිකව ක්‍රියාත්මක කළ හැකි තත්ත්වයට පත්ව නැහැ. කෙසේ වෙතත් මේ සංකල්පය මගින් අපි නියමිත දිශාවට යමින් තිබෙන බවනම් පැහැදිලියි. එහිදී සිදුකරන්නේ මිනිසාගේ ජාන යොදාගෙන එච්.අයි.වී. වෛරසය තහඩුවක් කපන්නා සේ කපා දැමීමයි. මෙය සාර්ථක ප්‍රතිකාරයක් වේවි.“

ලෝකයේ එච්.අයි.වී. ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 33 ට වඩා අධිකය. ඇමෙරිකාවේ එම ආසාදිතයන් සංඛ්‍යාව මිලියනයකි. සෑම වර්ෂයක දී ම තවත් 50,000 ක් පමණ මේ රෝගය වැළඳ ගන්නා බව වෛද්‍යවරු කියති. බ්‍රිතාන්‍යයේ සෑම පුද්ගලයන් 665 කින් ම එක් අයෙක් එච්.අයි.වී. ආසාදිතයෙකි.

‘‘ මේ තාක්ෂණය මගින් එකක් නෑර සියලුම එච්.අයි.වී. වෛරස රෝගියාගෙන් ඉවත් කිරීමට හැකිවේ යැයි විශ්වාස කරනවා. එය ඒඩ්ස් රෝගයට ප්‍රතිකාරයක් “ වෛද්‍ය කලීල් වඩාත් විශ්වසනීයත්වයකින් යුතුව එසේ කියයි.

HIv 2 HIV 1 - Copy



අදහස් (0)

ඒඩ්ස් මට්ටුකරයි

ලලිත් Thursday, 24 July 2014 05:42 AM

අප්පා. දැන් බය නැතිව ඉන්න පුළුවන්.(අ)

:       0       0

මුබාරක් Friday, 25 July 2014 01:34 PM

මම පන බයෙන් හිටියා (නදී)

:       0       0

ජගත් Friday, 25 July 2014 02:15 PM

ඇත්තටම මෙික හොද සොයා ගැනිමක්. ඒක අයුතු විදියට පාවිචිචි නොකරිමට වග බලා ගැනිම කාගෙත් යුතුකම. එවිට සදහටම ලොකෙන් ඒඩිස් තුරන් වෙනවා (නදී)

:       0       0

ලක්මාල් Thursday, 24 July 2014 06:55 AM

වටිනා සොයාගැනීමක්. (නි)

:       0       0

නටාෂා Thursday, 24 July 2014 01:35 PM

පුණ්‍යසෝම,ඔයා ඔහොම හිතුවට වැඩක් වෙන එකක් නැහැ (නි)

:       0       0

සුමිත්‍රා Thursday, 24 July 2014 01:48 PM

හොඳයි. මෙම සොයාගැනීම පිළිබඳ ආඩම්බරයි (නි)

:       0       0

ඡයා Friday, 25 July 2014 03:37 PM

අමමෝ දැනෙන සැහැල්ලුව.යාන්තම් ඇති. (නදී)

:       0       0

අසංක දීපාල් Friday, 25 July 2014 03:59 PM

ඒක හොයා ගත්තා කියන්නේ වල් ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුළන්ට රජ මගුල් කියන කතාවනේ. අපේ අය නම් බයට උනත් සංස්කෘතියට හරි පාවා දීලා හිටියා. බය නැතිවුණු පාර ඒකත් ඉවරයි. ලංකාවත් ඉවරයි. දැන් ඉතින් දකින දකින, කැමති කැමති අයට හොදට කොරන්න පුලුවන්. (නදී)

:       0       0

දුම්මලසූරිය Friday, 25 July 2014 07:53 AM

ආරංචිය නම් සුබ එකක්. ඒ උනත් මිනිස්සු තුල පාපයට තිබුන බය වගේම ලෙඩේට තිබුන බයත් මේ නිසාම නැතිවෙලා සමාජය තවත් තිරිසන් වෙයිද? ඒකයි මට තියන බය. (නදී)

:       0       0

විදුවර Thursday, 24 July 2014 03:49 PM

ඩෙංගු වගේ ලෙඩ වලට මේ උනන්දුව නැත්තේ ඒවා සල්ලි කරන්න අමාරු නිසා වෙන්න ඇති. (අ)

:       0       0

පකීර් Friday, 25 July 2014 08:27 AM

ඩෙංගු හැදුනට මැරෙන්නෙම නැහැ. ඒක හොඳවෙන ලෙඩ වලින් එකක්. ඒඩ්ස් හැදුනොත් මරණය අනිවාර්යයි (නි)

:       0       0

ධම්ම Wednesday, 23 July 2014 07:23 PM

දැන් ඔන්න ඒකට තිබුන බයත් නැතිවෙන්නයි යන්නේ. (නදී)

:       0       0

සේනක Friday, 25 July 2014 09:25 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ගයාන් Friday, 25 July 2014 10:19 AM

අප්පේ! යන්තම් ඇති... (නි)

:       0       0

ගයාන් නිශාන්ත Friday, 25 July 2014 10:21 AM

අප්පේ යන්තම් ඇති (අ)

:       0       0

ජයන් Friday, 25 July 2014 10:33 AM

විදුවර ඩෙංගු වලට උනන්දුවක් නැත්තේ නැහැ තියනවා හුඟක් රටවල එන්නතක් පිලිබඳ පරීක්ෂණ කෙරෙනවා නමුත් අවාසනාවට {විශේෂයෙන් අපේ රටේ !} ඒවා සායනික මට්ටමේ දීම ෆෙල් වුණා තාක්ෂණික ප්‍රශ්න නිසා (අ)

:       0       0

තේජාන්විත Thursday, 24 July 2014 04:30 AM

විද්‍යාවේ දියිනුව මිනිසාගේ විනාශයයි කියන්නේ ඔන්න ඕකට (නදී)

:       0       0

පුන්‍යෙසා්ම Thursday, 24 July 2014 04:56 AM

අප්පා දැන් තමයි ඇඟට ලේ ටිකක් ඉනුවේ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 574 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site