‘එක් චීනයක්‘ ප්‍රතිපත්තිය පිළිගැනීමටත් ඊට ගෞරව කිරීමටත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා තීරණය කර ඇත.
කෙසේ වෙතත් ඇමෙරිකා ජනාධිපතිවරයාගේ මෙම පියවර ඔහු මෙතෙක් අනුගමනය කරන ලද පැහැදිලි වෙනස් වීමක් යැයි ද විදෙස් පුවත් සේවා පෙන්වාදෙයි.
ඇමෙරිකා ජනාධිපතිවරයා 'එක් චීනයක්' ප්‍රතිපත්තියට එකඟත්වය සහ ගෞරවය පළ කර ඇත්තේ චීන ජනාධිපති ෂී ජින්ග්පින්ග් මහතා සමඟ දුරකතන සංවාදයකට එක්වෙමිනි.
මෙම කරුණත් සමඟ දෙරට අතර සබඳතා වර්ධනය වීම මෙන්ම ගෝලීය දේශපාලනයේ ප්‍රධාන රාජ්‍යතාන්ත්‍රික සබඳතාවක් තහවුරු වීමක් විශ්ලේෂකයෝ පෙන්වා දී තිබිණි.
ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය කාලයේදී තමන් වෙනම රටක් ලෙස හඳුන්වා දෙන තායිවානය සමඟත් එරට ජනාධිපතිනිය සමඟත් සමීප සබඳතා පැවැත්වීය. එම සබඳතා චීනයේ අමනාපයට හේතුවිය.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා පසුගිය දෙසැම්බර් මාසයේදී තායිවාන ජනාධිපතිනියට දුරකතන ඇමතුමක් දෙමින් ඇමෙරිකාව 'එක් චීනයක්' ප්‍රතිපත්තියට සීමා වූ ක්‍රියා නොකළ යුතු බව කීවේය.
කෙසේ වෙතත් චීන ජනාධිපතිවරයා සමඟ පැවැති දුරකතන සංවාදයෙන් පසු චීනයේ තත්ත්වයත්, එක් චීනයක් යන ප්‍රතිපත්තිය පිළිගෙන ඇති අතරම තායිවානය චීනයේ කොටසක් යන්න ද පිළිගෙන ඇතැයි වාර්තා වේ.
ඇමෙරිකා ජනාධිපතිවරයාත් චීන ජනාධිපතිවරයාත් අතර දීර්ඝ දුරකතන සාකච්ඡාවක් පැවැති බව එම සාකච්ඡාවෙන් අනතුරුව නිවේදනයක් නිකුත් කරමින් ධවල මන්දිරය සඳහන් කළේය.
''චීන ජනාධිපතිවරයාගේ ඉල්ලීම පරිදි ජනාධිපති ට්‍රම්ප් එක් චීනයක් ප්‍රතිපත්තියට ගෞරව කරන්න එකඟ වුණා" යැයි එම නිවේදනයේ සඳහන්ව ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කළේය.
ඇමෙරිකා එක්සත් ජනපදයත් චීනයත් අතර යහපත් සබඳතා පවත්වාගැනීමට තායිවානය කැමැති බව එරට ජනාධිපතිනි ත්සායි ඉන්ග් වෙන්ග් මහත්මියගේ ප්‍රකාශකයකු ජනාධිපතිනිය උපුටා දක්වමින් සඳහන් කළේය.
ඩොනල්ඩ් ට්‍රම්ප් දිවුරුම් දුන් ජනවාරි 20 වැනිදා සිට මේ දක්වා චීන ඇමෙරිකා නායකයන් දුරකතන සංවාදයක් පවත්වා නැත. දුරකතන ඇමතුමක් දීමෙන් චීන ජනාධිපතිවරයා උපහාසයටත් අපහාසයටත් පත්වනු ඇති බවත් එම තොරතුරු මාධ්‍යයට අනාවරණය වනු ඇති බවටත් චීනය පසුගිය කාලයේදී අවිනිශ්චිත තත්ත්වයක සිට ඇති බවත් රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග සඳහන් කර තිබිණි.
2025 නොවැම්බර් මස 04
666
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2333
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1724
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒකීය චීනයකට ට්‍රම්ප්ගේ කැමැත්ත
සුසිල් Saturday, 11 February 2017 02:31 AM
අයියෝ ට්‍රම්ප්, මොකද වුණේ? සුමාන 2 කට කලින් තායිවාන ජනාධිපතිනිය එක්ක ලොකු කතාවක් දුන්නා නේද? (නි)
දීපාල් නිරෝෂ් Monday, 13 February 2017 08:08 AM
ආ... එහෙනම් ඒකීය ලංකාවකටත්? (බ)
සහන් Saturday, 11 February 2017 04:51 AM
අනේ මුලින්ම චීනයට ගහන්න වගේ කතාකළේ. දන්නවා චීනයට වැඩිය ඉහළින් යන්න බැහැ කියලා. චීනය තමයි ලෝක බලවතා මම හිතන විදිහට (නි)
බමුණුසේන Tuesday, 14 February 2017 02:08 AM
ලෝකෙට ඕනෑ විදියට වෙනස්වෙන්න වෙන එක ට්‍රම්ප් මහතා කරන වරදක්ද? (නි)
ගයන් Saturday, 11 February 2017 04:53 AM
නිකන් ඉල්ලගෙන කෑවා කියන්නේ ඕක තමයි. කට තිබුණු පළියට වැඩ කරන්න බැහැ. ඇවිල්ලා මාසයක් නැහැ ඇමෙරිකානු අධිකරණයෙන් මෙයාගේ ඉල්ලීම් දෙන්න බැහැ කිව්වා. දැන් චීනෙට සද්දේ දැම්මා. පස්සේ දැන් චීනේ කියනදේට එකඟයිලු. අනේ පව් (නි)
හුසේන් මොහමඩ් -රියාද් Saturday, 11 February 2017 06:54 AM
දෙබිඩි චරිත! තේරෙන්න ඇති, චීනයත් එක්ක හැප්පෙන එක ලේසි නැහැ කියලා. ඔය වගේම අනෙක් ආන්දෝලනාත්මක නියෝගත් වෙනස් කරගන්න වෙයි ඉක්මනටම. ට්‍රම්ප් ජනපතිවරයාට ඕනෑ විදියට ලෝකේ වෙනස් කරන්න බැරි නිසා, ලෝකෙට ඕනෑ විදියට එයාට වෙනස්වෙන්න වෙලා. ඔන්න යතාර්ථය. (නි)
නිපුන Monday, 13 February 2017 02:25 AM
මෙතන අදහස් දාන සමහර අයගේ දැනුම දැක්කහම දුක හිතනවා (නි)
මොහාන් Sunday, 12 February 2017 05:07 AM
මට පේන විදිහට නම් මොළය තියන කෙනෙක්. තමුන් වැරදි බව දැන දැන එකේම එල්ලිලා ඉන්න හදන්නේ නැහැ. (නි)
දිලාන් Saturday, 11 February 2017 01:41 AM
ඇමෙරිකාව කැමති වුණත් නැතත් ඒක එහෙම තමයි. (නි)
ජානකී Monday, 13 February 2017 09:00 PM
කොහොමත් ලෝකයම එයාගේ අතේ නෙමෙයිනේ (නි)
දිලිප් වික්‍රමරත්න Monday, 13 February 2017 09:25 PM
ඇමෙරිකානු ජනාධිපතිත් බය චීනයට තමා අපේ යහපාලන ලොක්කෝ කොකා පෙන්නන්න ගියේ, පොර්ට් සිටි නවත්තලා. අනේ අපේ දේශපාලකයන්ගේ බුද්ධිය! (නි)
රවීන් Saturday, 11 February 2017 02:17 AM
හා! හා! එක පාරින් පාඩමක් ඉගෙනගෙන වාගේ. ලෝක යථාර්තය අවබෝධ කරගෙන මිටපස්සෙවත් ප්‍රකාශ/ක්‍රියා කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.