
ඇමෙරිකාවේ ටෙක්සාස් ජනපදයේ කොලිවිල් නුවර යුදෙව් ආගමික මධ්‍යස්ථානයට තුවක්කුකරුවකු කඩා වැදී, සිවු දෙනකු ප්‍රාණ ඇපයට ගැනීමේ සිදුවීම ත්‍රස්තවාදී ක්‍රියාවක් බව ඇමෙරිකන් ජෝ බයිඩන් පවසා තිබේ.
ඇමෙරිකන් ජනාධිපතිවරයා මෙසේ පැවැසුවේ ෆිලිඩෙල්ෆියාවේ ආහාර සුරැකුම් මධ්‍යස්ථානයක නිරික්ෂණ චාරිකාවක යෙදී සිටිද්දී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමිනි.
තුවක්කුකරු බ්‍රිතාන්‍ය ජාතික මුස්ලිම් තරුණයකු බවත්, ඔහු 44 හැවිරිදි මලීක් ෆයිසාල් අක්‍රම් බවත් එෆ්.බී.අයි. කාර්යාංශය අනාවරණය කර තිබේ.
මලික් ඇමෙරිකාවට පැමිණීමෙන් පසු නීතිවිරෝධී ලෙස ගිනි අවියක් සහ පුපුරන ද්‍රව්‍ය මිලදී ගෙන ඇති බවත් ඉන්පසු ආගමික මධ්‍යස්ථානයට කඩා වැදුණු බවත් මේ වනවිට අනාවරණය වී ඇත.
බ්‍රිතාන්‍ය රජය වෙනුවෙන් එරට විදේශ ලේකම් ලිස් ටස්, මලීක් ෆයිසාල් අක්‍රම්ගේ ක්‍රියා කලාපය හෙලා දැක ඇත. අක්‍රම්ගේ පවුලේ සාමාජිකයන් ද ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලා ඇත.
ප්‍රාණ ඇපයට ගැණුනු සිවු දෙනා නිරුපද්‍රිතව නිදහස් කර ගැනීමට පොලිසියට හැකිවිය. ඒ, පැය 10 ක් තිස්සේ අක්‍රම් සමග සාකච්ඡා කරමින් අවසානයේ දී ආගමික මධ්‍යස්ථානය වටලා ඊට ඇතුළු වී අක්‍රම් මරා දමමිනි.
මලීක් ෆයිසාල් අක්‍රම්ගේ ඉල්ලීම වූයේ ඇමෙරිකන් අත්අඩංගුවේ පසුවන පාකිස්තාන විද්‍යාඥවරියක නිදහස් කර දෙන ලෙසය.
අෆියා සිදික්කි නමැති මෙම විද්‍යාඥවරිය ඇමෙරිකන් ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ ඇෆ්ගනිස්තානයේ ඇමෙරිකන් සොල්දාදුවන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කිරීමේ වරදටය.
අෆියා සිදික්කි බිහිසුණු අල් කයිඩා සාමාජිකාවක් බව ද තහවුරු වී ඇත. මලීක් ෆයිසාල් අක්‍රම් සහ අෆියා සිදික්කි අතර සම්බන්ධය මෙතෙක් පැහැදිලි වී නැත. කෙසේ නමුත් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ අක්‍රම්, අෆියා සිදික්කිගේ සොහොයුරකු බවය.
මලීක් ෆයිසාල් අක්‍රම් මානසික ආබාධයකින් පෙළෙන අයකු බවත් ඔහු බ්‍රිතාන්‍යයේ බ්ලැක්බර්න් පදිංචිකරුවකු බවත් පැවැසෙයි.
(බීබීසී)
2025 නොවැම්බර් මස 04
593
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2285
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඒක ත්‍රස්ත ක්‍රියාවක් - බයිඩන් කියයි
sujeewa Monday, 17 January 2022 09:59 AM
ඔවුනට අනුව ඒරට සිදුවූ ඒම ක්‍රියාව ත්‍රස්තවාදී ක්‍රියාවකි. ඒම ත්‍රස්තවාදී ක්‍රියාව කල අයව ඔවුන් විසින් මරා දමන ලදී. ඒවැන්නක් අප රට තුල සිදු වූ විට ඒය ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද, නැත ඒවැනි ප්‍රහාරයකින් සිය දහස් ගණනින් මිය ගියද ප්‍රහාරකයා මරා දැමූ විට එය ත්‍රස්තවාදීන්ෙග් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි.
MO77 Monday, 17 January 2022 05:20 PM
මුසල්මානුවන්ගේ මානසික ආබාධය වන්නේ න්තවාදය හා ත්‍රස්තවාදය. මෑතකදී කොළඹ පල්ලියක හමුවූ බෝම්බයේ ද මහ මොළකරු මුසල්මානුවෙකු බව අනාවරණය වී ඇත.