IMG-LOGO

2025 ජුනි මස 14 වන සෙනසුරාදා


ඒ.බී.සී ප්‍රධාන කාර්යාලය එරට පොලීසියේ සෝදිසියට

ඕස්ට්‍රේලියානු ජාතික ගුවන් විදුලි සේවයේ (ඒබීසී) සිඩ්නි නුවර පිහිටි ප්‍රධාන කාර්යාලය එරට පොලිසිය විසින් අද(05) සෝදිසි කළ බව මාධ්‍ය වාර්තා කර ඇත.
 
ඇෆ්ගනිස්ථානයේදි ඕස්ට්‍රේලියානු හමුදා විසින් සිදුකරන ලදැයි පැවසෙන විෂමාචාර ක්‍රියාවන් සම්බන්ධ වාර්තාවක් මෙම සෝදිසි කිරීම්වලට හේතුවී ඇත.
 
ඊයේ දිනයේදි ඕස්ට්‍රේලියානු පොලිසිය ඒබීසී ගුවන්විදුලිසේවයේ සංස්කාරකවරයාගේ නිවස ද සෝදිසි කළේය. 
 
කෙසේවුවද පොලිසිය පවසන්නේ මෙම සෝදිසි කිරීම් දෙක අතර සම්බන්යධක් නොමැති බවයි.

සෝදිසි කිරීම්වලට විරෝධය පළකරමින් ඒබීසී සේවයේ කළමණාකරණ අධ්‍යක්ෂකවරයා පවසා ඇත්තේ ඒ ආකාරයෙන් ජාතික ගුවන්විදුලි සේවය සෝදිසි කිරීම අසාමාන්‍ය සිද්ධියක් බවයි.
 
මේ සිද්ධීන් හේතුවෙන් ඕස්ට්‍රේලියාවේ මාධ්‍ය නිදහස දැඩි ලෙස උල්ලංඝනය වන බවට මාධ්‍ය සංවිධාන කිහිපයක් අනතුරු අඟවා ඇත.
 
(විදෙස් මාධ්‍ය ඇසුරිනි - 085)

 



අදහස් (0)

ඒ.බී.සී ප්‍රධාන කාර්යාලය එරට පොලීසියේ සෝදිසියට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1352 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 495 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 591 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site