
ෆ්ලොරීඩාවේ පිහිටි තම මන්දිරයට, එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් කණ්ඩායමක් කඩා වැදී සෝදිසි කළේ යැයි ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා නගයි.
ෆ්ලොරීඩාවේ ඇත්තේ ට්‍රම්ප්ට අයත් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයයි. එෆ්.බී.අයි. පරීක්ෂකවරුන් ‘මාර්-අ-ලාගෝ’ මන්දිරයට කඩා වැදී සෝදිසි කිරීම් කළේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් තමන්ට කිසිදු පැහැදිලි කිරීමක් ලැබී නැති බව ද හිටපු ජනාධිපති ට්‍රම්ප් පවසා ඇත.
මේ අයුරින් නිවාසවලට කඩා වැදීම් සහ වැටළීම් සිදුවන්නේ තුන්වැනි ලෝකයේ රටවල බවත්, ඇමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනය මෙවැනි පහත් තත්ත්වයකට වැටීම ගැන තමන් කනගාටු වන බවත් ට‍්‍රම්ප් පෙන්වා දී ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd