මොස්කව්හිදීය ( රොයිටර්)
සති දෙකක් ඇතුළත ගොඩබිම සිට ගුවනට විදිය හැකි එස්-300 මිසයිල පද්ධතියක් සිරියාවට ලබාදෙන බව රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ගේ ෂොයිගු පැවැසීය.
සිරියාවේ දී රුසියාවට අයත් ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටීමෙන් සතියකට පසු රුසියානු විදේශ අමාත්‍යවරයා ඒ බව සඳහන් කළ අතර හෙතෙම ඒ සම්බන්ධයෙන් ඊශ්‍රායලයට වක්‍රාකාරව චෝදනා කළේය.
එම ගුවන් අනතුරින් රුසියානු ආරක්ෂක අංශ සාමාජිකයන් 15ක් ජීවිතක්ෂයට පත්වූහ.
“සිරියාවේ තිබෙන ජාත්‍යන්තර ත්‍රස්තවාදයට එරෙහිව සටන් වදින රුසියානු සොල්දාදුවන්ගේ ආරක්ෂාව සඳහා ප්‍රමාණවත් පියවර ගත යුතුයි” යැයි සඳහන් කරමින් රුසියානු ආරක්ෂක අමාත්‍යවරයා ඉහත කරුණු සඳහන් කළේය.
ඔහු එසේ කීවේ රූපවාහිනී වැඩසටහනකට එක්වෙමිනි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd