එවරස්ට් කන්ද තරණය කළ ප්‍රථම කාන්තාව වන ජපාන ජාතික ජන්කෝ ටබෙයි(77) මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. වසර හතරක පමණ සිට ඇයට පිලිකාවක් වැළඳී තිබුණ බවත් සයිටමා නගරයේ රෝහලකදී මියගිය බවත් පවුලේ ඥාතීහු පවසති.  

1975 වර්ෂයේදී එවරස්ට් තරණය කරන විට ටබෙයි 35වැනි වියේ පසුවූවාය. 1992 වන විට ඇය ලෝකයේ උසම කඳු හතම තරණය කර තිබිණි. පසුගිය ජූලි මාසයේදී ඇය අවසන් වරට ජපානයේ ෆූජි කන්ද තරණය කලාය.

_92052900_gettyimages-557708837 _92053153_gettyimages-2031511